ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සංගාට ගීතයකින් උපහාර

ටෙස්ට් තරඟ පිටියෙන් සමු ගන්නා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ධම්මික ප්‍රසාද් ගීතයකින් උපහාර දක්වයි.

එච්ආර් ජෝතිපාලයන් විසින් ගයන ලද 'ජීවිතේ තරුණ කාලේ' ගීතය සංගක්කාර වෙත පුද කරමින් ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් කියා සිටියේ ඔහුගේ සමු ගැනීම කණ්ඩායමේ සියලු දෙනාටම දැනෙනු ඇති බවයි.

තමා ඇතුළු කණ්ඩායමේ සියලු දෙනා සංගක්කාරගේ ඉදිරි දිවියට සුභ පතන බවත් ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් වැඩිදුරටත් සඳහන් කළේය.