ඉන්දු-ශ්‍රී ලංකා තීරණාත්මක තරඟය ඇරඹෙයි

Image copyright AFP

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් මාලාවේ අවසන් සහ තුන් වෙනි තරඟය අද (28) කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) ක්‍රීඩා පිටියේදී ආරම්භ විය.

අද තරඟය ආරම්භයේ දී ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගත් අතර පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට පැවරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තීන්දු කළේය.

Image copyright BBC World Service

අද මධ්‍යාහ්නය වන විට ලකුණු පනහකට ඉන්දියානු පිතිකරුවන් දෙදෙනකු දවා ලීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

පසුගිය තරඟය නිමාවේ සිය ටෙස්ට් ක්‍රිකට් ජීවිතයෙන් සමුගත් කුමාර් සංගක්කාර වෙනුවට මේ තරඟයේ දී ආදේශිත ක්‍රීඩකයා වුණේ කුසල් ජනිත් පෙරේරායි.

ක්‍රීඩා කරනු ලැබුණ පසුගිය තරඟ දෙක දෙරට එක බැගින් දිනා සිටින හෙයින් මේ තුන්වැනි තරඟය ජය ගැනීම දෙරටටම එකසේ වැදගත් වෙයි.

අද ළකුණු පුවරුව මෙතනින් නරඹන්න.

වැස්ස නිසා තරඟය නතර කෙරුණ බවයි අලුත්ම වාර්තා මගින් පැවසෙන්නේ.