පුජාරා හත්වැනි ශතකය වාර්තා කරයි

Image copyright Elvis

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් මාලාවේ අවසන් සහ තුන් වෙනි තරඟයේ දෙවැනි දිනය වන අද ඉන්දීය කණ්ඩායම කඩුලු අටක් දැවී ලකුණු 292 ක් ලබා සිටී.

ඉන්දීය කණ්ඩායම වෙනුවන් දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් චටිස්වර් පුජාරා අද සෙනසුරාදා සිය හත්වැනි ශතකය ලබා ගත්තේය.

ධම්මික ප්‍රසාද් ලකුණු 65 කදී කඩුලු හතරක් දවාලීමට සමත් විය.

තරගයේ පළමු දිනය වූ ඊයේ ඇදහැළුණු වර්ෂාව නිසා යැවිය හැකිවූයේ ඕවර 15 ක් පමණක් වූ අතර ඉන්දීය පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 50 ක් ලබා සිටියේය.

අද ලකුණු පුවරුව සඳහා පිවිසෙන්න.