ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නව පාර්ලිමේන්තුවේ පළමු උණුසුම් වචන හුවමාරුව

නව පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිවාරයේදී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය පලවිය.

සන්නද්ධ අරගලය සම්බන්ධයෙන් ගම්මන්පිල මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පාර්ලිමේන්තු සම්ප්‍රදායයට එරෙහි බව රීති ප්‍රශ්නයක් මතු කරමින් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා වශයෙන් සමාරම්භක සැසිවාරයේදී කතානායකවරයාට සිය මංගල දේශනය පවත්වමිනුයි මන්ත්‍රීවරයා 'අවි අතට ගැනීම' සහ 'ෆෙඩරල්වාදය' පිළිබඳව අදහස් පළ කරමින් සිටියේ.

"මේ රටේ ව්‍යවස්ථාව අනුව කතා කරන්න. අවි ආයුධ ගැනීම සම්බන්ධව මේ සභාවේ කතා කරන්න එපා මන්ත්‍රීතුමා. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ," අගමැතිවරයා පැවසීය.

ඉන් අනතුරුව දවසේ න්‍යායපත්‍රයට ඇතුලත් කතානායකවරයාට සුභ පැතීමේ මාතෘකාවට අදාලව කතා කරන මෙන් නව කතානායක කරු ජයසූරිය මන්ත්‍රීවරයාට නියෝග කළේය.