මන්ත්‍රී ප්‍රතිරූපය යහපත් නැහැ - රනිල්

rainil wickramasinha Image copyright harin

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වුණු නවක මන්ත්‍රීවරුන් 63 දෙනෙක් වෙනුවෙන් පාර්ලිමේන්තුව සංවිධානය කර තිබු දෙදින වැඩමුළුව අමතමින් අගමැතිවරයා කියා සිටියේජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි දක්වන ආකල්පය වෙනස් කිරීමට කාලය එළඹ ඇති බවයි.

"අද ජනතාව හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යන්නේ වැඩකරන්න නෙවයි,වරප්‍රසාද ගන්න,පොලිසියට කඩා පනින්න,මිනිස්සුන්ට ගහල බේරෙන්න කියලා

ආණ්ඩු පක්ෂය වුනත් විරුද්ධ පක්ෂය වුනත් ඕක තමයි අදහස,ඉතින් ඒ මතය අපි තවත් ඉදිරියට ගෙනියනවද? " යැයි අගමැතිවරයා ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුවේ පුස්තකාලයෙන් අද මන්ත්‍රීවරුන් කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා බව පැවසූ අගමැතිවරයා එය භාවිතා කිරීමේ වැදගත්කම අවධාරණය කොට සිටියේය.

පාර්ලිමේන්තුවේ සජීවී විකාශය අනිවාර්යෙන්ම සිදුකල යුතු බව පැවසූ අගමැතිවරයා මන්ත්‍රීවරුන් විවාහ උත්සව, මළගෙවල් වලට යාමට වඩා පාර්ලිමේන්තුවට පැමිණීම වැදගත් බව ප්‍රකාශ කළේය.

"තමන්ට ප්‍රදේශයේ මගුල් ගෙවල් වලටයි මල ගෙවල්වලටයි ප්‍රමුඛතත්වය දෙන්න ඕනේ නම් කරුණාකරලා පළාත් සභාවල, ප්‍රාදේශීය සභාවල ඉන්න, මෙහෙට එන්න එපා"යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මෙවන් දැනුවත්කිරීමේ වැඩසටහන්වලට සහභාගි වූ නවක මන්ත‍්‍රීවරුන්ගේ නාම ලේඛනයක් තමන්ට ලබාදෙන ලෙසද අගම්තිවරයා කථානායක කරු ජයසුරියගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

කථානායකවරයා සහතික කරන මන්ත‍්‍රීවරුන්ට පමණක් විමධ්‍යගත අරමුදල් ලබාදෙන බවයි අගමැතිවරයා කියා සිටියේ.