ඥාති සංග්‍රහය ගැන දහම් සිරිසේනගේ විග්‍රහය

Image caption 'මා ඇතුළු පවුලේ සාමාජිකයන් හිටපු රෙජීමය හා සැසඳීමෙන් වලකින මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අප ඔවුන්ට වඩා බොහෝ වෙනස්'

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සහභාගී වීම ''ඥාති සංග්‍රහයක් වන්නේ කෙසේදැයි'' දහම් සිරිසේන ප්‍රශ්න කරයි.

'ඥාති සංග්‍රහයේ සැබෑ අරුත නම් බලය අවභාවිත කරමින් යමෙක් දරුවන්, ඥාතීන් සහ යාලු මිත්‍රාදීන්ට වාසි සහගත වන අයුරින් බලපෑම් කිරීමයි' ජනාධිපති පුත් දහම් සිරිසේන සිය ෆේස්බුක් පිටුවේ පළ කළ නිවේදනයේ සඳහන්.

එබැවින් ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ඥාති සංග්‍රහය සිදු වන්නේ දැයි යන්න විවෘත මනසකින් බලා අවබෝධ කර ගන්නා මෙන් ඔහු ඉල්ලා සිටියි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සිය මවට සහභාගී වීමට නොහැකි වූ හෙයින් තමාට ඒ සඳහා නිල ආරාධනයක් ලැබුණු බවයි ඔහු පවසන්නේ.

Image copyright b
Image caption ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සඳහා සිදු කරන සංචාරයට සිය පුත් දහම් සිරිසේන එක කර ගනු ලැබීම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය

දෙවනුව මහා මණ්ඩල සමුළුවට සමගාමීව පැවැත්වුණු තිරසාර සංවර්ධන සමුළුවට සහභාගී වීමට තමාට අවස්ථාව ලැබුණු බව පවසන ජනාධිපති පුත්‍ර දහම් සිරිසේන ඒ හරහා රටේ සමෘද්ධියට අවශ්‍ය අරමුණු හඳුනා ගැනීමට ඉඩප්‍රස්ථා ලැබුණු බවයි කියා සිටියේ.

'මා ඇතුළු පවුලේ සාමාජිකයන් හිටපු රෙජීමය හා සැසඳීමෙන් වලකින මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අප ඔවුන්ට වඩා බොහෝ වෙනස්' දහම් සිරිසේන වැඩිදුරටත් සඳහන් කරයි.