පුංචි ඡන්දෙ මාර්තුවේ

Image copyright harin

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තුවේ දී අනිවාර්‍යයෙන් ම පවත්වන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රතිඥා දෙයි.

කොළඹ ගලදාරි හෝටලයේ පැවැති ජාතික කළමනාකරණ සම්මන්ත්‍රණයකට එක් වෙමින් අගමැතිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු හේතුවක් නොමැති බවයි.

මේ සඳහා ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකඟතාවයකට පැමිණ ඇති බවයි ඔහු පවසන්නේ.

පළාත් පාලන ආයතන සඳහා අලුත් මුහුණු පත් කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බව ද අගමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

නව රජයේ අයවැය වාර්තාව නොවැම්බර් මස විසි වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පසුගිය දා වාර්තා කර තිබුණි.