ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මැද කොළඹට අහිමි වූ සංවර්ධනය ලබා දෙනවා: මුජිබර් රහ්මාන්

මුජිබුර් රහ්මාන්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වුණු නවක මන්ත්‍රීවරයෙක්.

ඔහු නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය.

දෙවරක් බස්නාහිර පළාත් සභාව නියෝජනය කළ මුජිබුර් රහ්මාන්, මෙවර ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වී මනාප 83,884ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස මහින්ද රාජපක්ෂ රජයට විරුද්ධව කොළඹ නගරයේ පැවති විරෝධතා රැසක් සංවිධානය කිරීමේ මූලිකත්වය ගත්තේද මුජිබුර් රහ්මාන් මන්ත්‍රීවරයායි. ඒ ඔහු එක්සත් ජාතික පක්ෂයේ හදවත බඳු වූ මැද කොළඹ ආසනය නියෝජනය කළ ජනතා නියෝජිතයෙකු වූ බැවින්.

කොළඹ නගරයේ ජිවත්වන දුගී දුප්පත්ම පිරිස සිටින මද කොළඹ ප්‍රදේශයේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වැඩපිළිවෙලක් ක්‍රියත්මක නොවන්නේ මන්දැයි යන්න මැද කොළඹ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරයාට බීබීසී සංදේශය යොමු කළ ප්‍රශ්නයක්.

වසර 20ක් එක්සත් ජාතික පක්ෂයට බලය අහිමිව තිබීම එයට හේතු වූ බවයි එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ.

අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂයෙන් කොළඹ නගරයේ ජීවත්වන ජනතාව ඉලක්ක කරගනිමින් සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

(ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමුවරට තේරී පත් වූ මන්ත්‍රීවරුන් අතරින් තෝරා ගත් පිරිසක් සමඟ බීබීසී සංදේශය පවත්වන සංවාද මාලාවක හයවැන්නයි, මේ)