ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්

Image copyright AFP
Image caption රංගන හේරත්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඉණිමක සහ ලකුණු හයක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වුන මේ තරඟයේ සිව්වැනි දිනයේ සවස් භාගය වන විට සිය ජයග්‍රහණය සහතික කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්.

තරඟයේ පළමු ඉනිමේ දී වාර්තාගත පිති හරඹයක නිරත වූ දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් පිලිවෙලින් ලකුණු 186 ක් සහ 151 ක් වාර්තා කළහ.

Image copyright AFP
Image caption දිනේෂ් චන්දිමාල්

මෙම තරඟයේ දී මනරම් පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් බටහිර ඉන්දීය කණ්ඩායමේ කඩුළු දහයක් දවා ලීමට සමත් විය.

මේ වන විට රංගන හේරත් දවා ඇති ටෙස්ට් ක්‍රිකට් කදුළු සංඛ්‍යාව 288 කි.

ළකුණු පුවරුවට මෙතැනින් පිවිසෙන්න.

http://www.bbc.co.uk/sport/cricket/scorecard/ECKP90240

Image copyright AFP
Image caption දිමුත් කරුණාරත්න

ගාල්ලේ දී ලද ජයග‍්‍රහණයත් සමගම තරග දෙකකින් සමන්විත මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකාව 1-0 ක් වශයෙන් තරඟාවලියේ ඉදිරියෙන් සිටී.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ 22 වැනිදා කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.