ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සෝබර්ස් ශ්‍රී ලංකාවේ දි කඳුළු සලයි

ලොව පුරා පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලි නිසා බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල ක්‍රිකට් ක්‍රීඩාව විනාශවී ඇති බව ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ, බදාදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය සෝබර්ස් - තිසේරා කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෙස නම් කර ඇති අතර දෙවැනි තරගය නැරඹීමට ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි

ප්‍රිමියර් ලීග්

වර්තමානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පසු බැස්ම ගැන බීබීසී සංදේශය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු හැඟුම්බරව පැවසුවේ මුදල් පසු පස ක්‍රීඩකයන් හඹා යාම නිසා බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල ක්‍රිකට් ක්‍රීඩාව විනාශවී ඇති බවයි.

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ද අරමුණවී ඇත්තේ දක්ෂතාව අතරට පැමිණ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොන්ත්‍රාත්තුවක් දිනා ගැනීම බවයි ඔහු පැවසුවේ.