ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පාපොච්චාරණය කළේ නෑ - දුනේශ් ප්‍රියශාන්ත

සේයා දැරිය දූෂණය කොට ඝාතනය කිරීමේ වගකීම බාර ගනිමින් තමන් පාපොච්චාරණයක් නොකළ බව කොණ්ඩයා හෙවත් දුනේශ් ප්‍රියශාන්ත පවසයි.

පොලීසිය දිගින් දිගටම පහර දී පසුව එම සිද්ධියේ වගකීම බාර ගන්නා බවට තමා ලියවිල්ලකට අත්සන් තැබූ බවත් ඔහු පැවසුවේය.

පොලිස් ප්‍රතිචාරය

ඔහු නගන චෝදනා සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව පැවසුවේය.

කොණ්ඩයා හෙවත් දුනේශ් ප්‍රියශාන්ත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බවත් එම අවස්ථාවේ දී තමන්ට පහර දුන් බව ඔහු ප්‍රකාශ නොකළ බවත් සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවකුට පහර දී ඇති බවට කර ඇති චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බවත් එසේ සිදුවී ඇත්නම් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.