'මත් උවදුරින් ගමේ පාසැල බේරා ගනිමු'

මත් ද්‍රව්‍ය භාවිතයෙන් ග්‍රාමීය ප්‍රදේශවල පාසැල් ළමුන් බේරා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැවති වැඩසටහනක් හලාවත අඹකදවිල සිට ඉරණවිල දක්වා පැවැත්විණි.

කතෝලික සභාව සංවිධානය කර තිබූ පෙළපාලිය සඳහා ගමේ විහාරස්ථානයේ ද සහය ලැබී තිබුණි.

මේ සඳහා ගම්මාන පහක දහම් පාසල් ළමුන් දහසකට ආසන්න පිරිසක් සමඟ දහම් ගුරුවරුන් හා ආගමික නායකයන් ද එක්ව සිටියෝය.

"අපේ ගම් වලට අද වන විට භයානක මත් ද්‍රව්‍ය පැමිණ හමාරයි . ගංජා, මත් කුඩු වලට අමතරව පාසල් ළමුන් අතර මේ වන විට මත් පෙත්තක් පැතිර යනවා. මේ පෙති පාසල් අසල අලවි කරනවා. දෙමාපියන් දන්නේ නැහැ . ඒ නිසයි මේ දැනුවත් කිරීමේ වැඩසටහන කරන්න අපි තීරණය කලේ. මෙය අපේ පළමු වැන්න. වැඩිහිටියන්ට වඩා අපිට බේර ගන්න ඕනෑ පාසල් ළමුන්. මේ පෙත්ත මහා විනාශයක්” පාසල් ගුරුවරියක වන මාලා නාගහගේ පැවසුවාය.

පාසල් සිසුවෙකු වන දුලාජ් ආකාශ් ප්‍රකාශ කළේ තම පාසලේ ළමුන්ද මත් පෙති වලට ඇබ්බැහි වී ඇති බවයි.

මේ පිලිබදව පාසල් බලධාරීන් සොයා බැලුවත් මත් පෙති ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ද ඔහු පැවසිය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර