සෝභිත හිමි වෙනුවෙන් බ්‍රහස්පතින්දා ශෝක දිනයක්

Image caption පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ දේහය සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේදී මහා සංඝ රත්නය වෙත සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් රෝහල වෙත පැමිණි මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙත භාර දුන් අවස්ථාව

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව බ්‍රහස්පතින්දා(12) සිදු කිරීමට නියමිතයි.

අවමංගල්‍ය උත්සවය කොළඹ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එදින ජාතික ශෝක දිනයක් ලෙස නම් කිරීමට රජය තීරණය කොට තිබේ.

පැවති රෝගී තත්වය උත්සන්න වීමත් සමග පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා කැටුව ගොස් තිබිණ.

පූජ්‍ය සෝභිත නාහිමියන්ගේ දේහය අද ඉරිදා පස්වරුවේ ශ්‍රී ලංකාව කරා රැගෙන ඒමට නියමිතයි.