දමිළ සිරකරුවන් 31 දෙනකුට ඇප

Image copyright Getty

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා සිටි දමිළ සැකකරුවන්ගෙන් තිස් එක් දෙනකු ඇප මත මුදා හරිනු ලැබුණි.

එම සැකකරුවන් අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුවයි ඔවුන්ට ඇප නියම කෙරුණේ.

එම සැකකරුවන් අද උදෑසන කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කෙරුණ අවස්ථාවේ ඒ වන විට නීතිපති උපදෙස් ලැබී නොතිබීම මුල් කර ගනිමින් ඔවුන් ලබන 24 වැනි දින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන මෙන් නියෝග කොට තිබිණි.

Image caption දමිළ සිරකරුවකුගේ දෙමව්පිය යුවළක්

රඳවා ගෙන සිටින දමිළ සැකකරුවන්ගෙන් පිරිසක් අද(11) ඇප මත නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර විසින් ද ඊයේ මාධ්‍ය සඳහා ප්‍රකාශ කරනු ලැබ තිබුණි.