ශ්‍රී ලංකාව: කාන්තා නියෝජනය අවම රටක්

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දේශපාලනයේ දී කාන්තා නියෝජනය අවම වශයෙන් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාව පත් වී තිබේ.

නමුත් සාක්‍ෂරතාවය අතින් ගත් කළ ශ්‍රී ලංකාව සිටින්නේ ලෝකයේ ඉහලම තැනක යි.

මීළඟ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්‍ෂක ලැයිස්තු තුළ සියයට විසිපහක ඉඩක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කිරීම අනිවාර්ය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය කටයුතු කරමින් ඇත.

නමුත් මෙය පළාත් පාලන ආයතනවලට පමණක් සීමා විය යුතුද යන්න ප්‍රශ්න කළ යුතුව තිබේ.

Image copyright AFP

රටට වැදගත් වන නීති සම්පාදනය වන උත්තරීතර ම තැන වන පාර්ලිමේන්තුව තුළට කාන්තාවගේ නිසි ප්‍රාමාණික දායකත්වයක් අවැසි නොවේද?

එහි අවශ්‍යතාවක් දකින්නේ නම් අදාළ කැබිනට් පත්‍රිකාව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සියළුම මැතිවරණ සඳහා වලංගු වන පරිදි නීති ගත කළ නොහැක්කේ කුමන හේතුවක් නිසාද යන්නත් යමෙකු ප්‍රශ්න කළ හැකිය.

කෙසේ වෙතත් ලංකාවේ පළාත් පාලන මැතිවරණ තුළ කාන්තා දායකත්වය මේ වන විට 1.9% වැනි පහළ මට්ටමක පැවතීම ලැජ්ජාවට කරුණක් බවයි හිටපු රාජ්‍ය ඇමතිනි රෝසි සේනානායක පවසන්නේ.

‘ඉන්දියාවේ පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජිතවරියන් මිලියන 1.4 ක් ඉන්නවා. ඒ කියන්නේ 50%ක් පමණ. ලංකාවේ 2% වත් ඉක්මවා යන්න බැරි වෙලා තියෙනවා.’ ඇය පැවසීය.

පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය සැලකීමේ දී ශ්‍රී ලංකාව සිටින්නේ රුවන්ඩාවටත් පහලින් බවයි කාන්තා ක්‍රියාධාරිනියක වන රෝසි සේනානායක පවසන්නේ.

‘රුවන්ඩාවේ පාර්ලිමේන්තුවේත් 64%ක් කාන්තාවෝ. නේපාලය, බංග්ලාදේශය, පකිස්තානය වැනි ඉස්ලාමීය රටවල පවා කාන්තා නියෝජනය 22%, 30% වගේ මට්ටමක පවතිනවා. මාලදිවයිනේ පවා 6% ඉක්මවා ගිය පාර්ලිමේන්තුවක් තියෙනවා. නමුත් ලංකාවේ 4.5% සීමාවටවත් එන්න බැරි තත්වයක තිබීම හරිම කනගාටුදායකයි.’ ඇය ප්‍රකාශ කළාය. හඬ පටය අමුණා ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර