ඇමරිකානු නිත්‍ය නියෝජිතවරිය උතුරේ සංචාරයක

Image copyright US Embassy Colombo
Image caption යාපනයේ ඔස්මානියා විද්‍යාලයේ විද්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කළ නිත්‍ය නියෝජිතවරිය ප්‍රදේශයේ ජනතාව සමග අදහස් හුවමාරු කොට ගෙන තිබේ

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිතවරිය සමන්තා පවර් අද ඉරිදා උතුරේ සංචාරයක නිරත විය.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් හමු වූ නිත්‍ය නියෝජිතවරිය උතුරේ පවතින වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් ද සහභාගී විය.

යාපනයේ ඔස්මානියා විද්‍යාලයේ විද්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කළ නිත්‍ය නියෝජිතවරිය ප්‍රදේශයේ ජනතාව සමග අදහස් හුවමාරු කොට ගෙන තිබේ.

Image copyright Getty
Image caption යාපනයේ ඔස්මානියා විද්‍යාලයේ සිසුවියන් හා එල්ලේ ක්‍රීඩාවේ යෙදුනු ඇමරිකානු නිත්‍ය නියෝජිතවරිය
Image copyright US Embassy Colombo
Image caption ඇමරිකානු තානාපති අතුල් කේෂප්, ඇමරිකානු නිත්‍ය නියෝජිතවරිය සමන්තා පවර් සහ උතුරු පළාත් ආණ්ඩුකාර එච්එම්ජීඑස් පලිහක්කාර

මේ අතර ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර හා නිත්‍ය නියෝජිතවරිය අතර ඊයේ සෙනසුරාදා හමුවක් පැවැත්විණ.

නිත්‍ය නියෝජිතවරිය රාවුෆ් හකීම් සහ රිශාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන් හමු වී ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව හමුවේ ඇති ගැට‍ළු සාකච්ඡා කල බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය පැවසුවේය.

Image copyright US Embassy Colombo
Image caption ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර හා නිත්‍ය නියෝජිතවරිය සමන්තා පවර්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය සමන්තා පවර් ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා කිරීමටද නියමිතයි.

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමේ අරමුණින් ඇමරිකානු නිත්‍ය නියෝජිතවරිය සමන්තා පවර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර