පාකිස්තාන ප්‍රහාරක ගුවන් නියමුවරියක් මරුට

Image copyright Pakistan Air Force
Image caption මරියම් මුක්තියාර්, පාකිස්තානය වෙනුවෙන් ක්‍රියාන්විතයේදී මරුමුවට පත් ප්‍රථම කාන්තා ගුවන් නියමුවායි

ගුවන් යානා අනතුරක් හේතුවෙන් පාකිතානයේ පළමු කාන්තා ප්‍රහාරක ගුවන් නියමු කණ්ඩායමේ එක් ගුවන් නියමුවරියක් මරුමුවට පත් වූ බව පාකිස්තාන ගුවන් හමුදාව පවසයි.

පුහුණු ගුවන් ගමනක් අතරතුර කාර්මික දෝෂයක් ඇති වීම හේතුවෙන් පන්ජාබ් පළාතේ දී ගුවන්යානය අනතුරට පත් වූ බවයි පාකිස්තාන ගුවන් හමුදාව කියා සිටියේ.

පැරිෂුටයක් ආධාරයෙන් ගුවන් යානයෙන් පිටතට පැන ගැනීමට මරියම් මුක්තියාර් නමැති මෙම ගුවන් නියමුවරිය සමත් වී ඇති නමුත් තුවාල ලැබීම හේතුවෙන් ඇය මිය ගොස් තිබේ.

ඇය සමග පියාසර කළ සහායක ගුවන් නියමුවා අනතුරෙන් දිවි බේරා ගෙන ඇති බවත් පාකිස්තාන ගුවන් හමුදාව සඳහන් කළේය.

මරියම් මුක්තියාර්, රාජකාරියේ යෙදී සිටියදී මරුමුවට පත් ප්‍රථම කාන්තා ගුවන් නියමුවායි.