දේශ සීමා අවහිර කිරීමට පක්ෂව නේපාලයේ උද්ඝෝෂණ

Image copyright epa

දකුණු දිග නේපාලයේ සිසුන් දහස් ගණනක් ඉන්දීය දේශ සීමාව හරහා කෙරෙන ඉන්ධන සැපයුම් අඩාල කිරීමට පක්ෂව අද සෙනසුරාදා කත්මන්ඩු නුවර උද්ඝෝසනයකට එක් වූහ.

එය සංවිධාන කොට තිබුණේ ඉන්ධන සැපයුමට බාධා කිරීමට එරෙහිව නේපාලයේ පාසල් සිසුන් විසින් ඊයේ සිකුරාදා පැවැත්වූ උද්ඝෝෂණයට විරෝධය පෑම සඳහායි.

ඉන්ධන සැපයුමට බාධා පැමිණවීමට පෙරමුණ ගත් දකුණු දිග නේපාලයේ බහුලව වෙසෙන වාර්ගික මධේෂි (Madhesi) ජනතාවට සහය පල කිරීම බිර්ගුන්ජ් (Birgunj) නගරයේ මෙම පාසල් සිසුන්ගේ අරමුණ වී තිබිණ.

ඉන්දියානු ජනතාවට සංස්කෘතික වශයෙන් සමීප සම්බන්ධතා දක්වන මෙම ජන කොටස පවසන්නේ නේපාල රාජ්‍යය තමන් නොසලකා හරින බවයි.

නේපාලය සකස් කළ නව ව්‍යවස්ථාව මගින්ද තමන් කොන් කර දමා ඇති බවත් ඔවුහු කියා සිටිති.