පාප් වහන්සේගේ ආරාධනයෙන් ජනපති වතිකානයට

Image copyright epa
Image caption 'ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ චාම් දිවිපෙවෙත පාප් වහන්සේ අගය කළා' (පාප් වහන්සේ පසුගිය ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්තාව)

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආරාධනයක් මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වතිකානයේ දෙදින නිල සංචාරයක නිරතව සිටියි.

ජනාධිපතිවරයා ඉතාලියේ වේලාවෙන් සඳුදා උදෑසන දහයට පාප් වහන්සේ මුණගැසීමට නියමිත බව වතිකානයේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශයට පැවසීය.

පසුගිය ජනවාරි මාසයේ පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ මුණගැසීමෙන් අනතුරුව, ඔවුන් දෙදෙනා වසරක් ඇතුලත දෙවැනි වරටත් මෙසේ හමුවෙති.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ 'චාම් සහ සරල දිවිපෙවෙත පිළිබඳව ඉමහත් පැහැදීමකට පත්වූයේ' යයි පාප් වහන්සේ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන්ට පවසා තිබුණ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ.