යේමනයේ දින හතක සටන් විරාමයක්

Image copyright AP

ෂියා හූති කැරලිකරුවන් සමඟ එළඹුණු, දින හතක සටන් විරාමයක් ක්‍රියාත්මක බව යේමනයට පක්ෂපාතී සෞදි අරාබිය ප්‍රමුඛ රටවල සන්ධානය ප්‍රකාශ කරයි.

එම සටන් විරාමය ප්‍රකාශයට පත්වන්නේ එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ ස්විට්සර්ලන්තයේ ආරම්භ වී ඇති සාම සාකච්ඡාවලට සමගාමීවයි.

Image copyright Reuters

සටන් විරාමය ආරම්භ වීමේ අවසන් මොහොත දක්වාම සටන් පැවති අතර සෞදි ගුවන් හමුදා ප්‍රහාර වල සහයෝගය ඇතිව යේමන රජයේ හමුදා විසින් රතු මුහුදේ පිහිටි හූති කැරලි කරුවන් යටතේ වූ දූපතක්ද අල්ලා ගන්නා ලදී.

ඉකුත් මාර්තු මාසයේ දී සෞදි ආරාබිය ප්‍රමුඛ සන්ධානය යේමන අර්බුදයට මැදිහත් වීමෙන් පසු හය දහසක් පමණ පිරිසක් මිය ගොස් ඇති බවට විශ්වාස කෙරේ.