ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සුරේෂ් වඩිවේල් ගිනි තබා ගැනීමේ උත්සාහයක

වතු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර නොගත හොත් ගිනි තබා ගන්නා බවට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් අනතුරු ඇඟවීමක් කළේය.

ඉන්ධන ගැලුම් දෙකක් ද රැගෙන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඇතුළු වීමට උත්සාහ කළත් පොලිසිය එය ව්‍යර්ථ කළ බවයි බීබීසී කොළඹ වාර්තාකරු පවසන්නේ.

පසුගිය මාර්තු මාසයෙන් පසු වතු කම්කරු වැටුපේ කිසිදු වැඩිවීමක් සිදු වී නැති බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ඉල්ලා සිටින්නේ වහාම ක්‍රියාත්මක වෙන පරිදි එම වැටුප් වැඩි කිරීමට පියවර ගත යුතු බවයි.

මේ අතර අද පාර්ලිමේන්තුවේ දී කම්කරු අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනවිරත්න සඳහන් කළේ ලබන වසරේ සිට වතු සේවකයින් සඳහා රුපියල් 2500 කින් වැටුප් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.

2016 අයවැය මගින් පෞද්ගලික අංශයේ සේවක වැටුප් රුපියල් 2500 කින් වැටුප් වැඩි කිරීමට රජය තීරණය කළ අතර එම වැටුප් වැඩි වීම වතු සේවකයින්ට ද ලබා දෙන බවයි කම්කරු අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනවිරත්න පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ.