HIV ආසාදිත ගැබිනි මව්වරු විසි දෙනෙක්

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එච් අයි වී ආසාදිත ගැබිනි මව්වරුන් විසි දෙනෙකු පමණ ශ්‍රී ලංකාවේ සිටින බව හෙළිදරව් වී තිබේ.

ගැබිනි මාතාවන් එච් අයි වී රුධිර පරීක්ෂාවට ලක් කෙරෙන ව්‍යාපෘතිය නිසා මේ බව අනාවරණය වූ බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ පවසන්නේ.

නමුත් 2015 වසර තුළ රුධිර පරීක්ෂාවට ලක් කිරීමට හැකි වී ඇත්තේ ලංකාවේ ගැබිනි මව්වරුන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් පමණි.

දරුවා

Image copyright SPL

2016 වසරේ සිට සියලුම ගැබිනි මාතාවන් ගේ රුධිරය එච් අයි වී සඳහා පරීක්ෂා කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කර ගෙන යන බව විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ බීබීසීයට පැවසීය. (හඬ පටය අමුණා ඇත.)

එච් අයි වී ආසාදිත මව්වරුන් ගෙන් දරුවාට වෛරසය යාම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ ඖෂධ නොමිලේ සැපයීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගන්නා බවයි ඔහු පවසන්නේ.

මීට අමතරව ‘සිසේරියන්’ සැත්කමක් සිදු කර දරුවා බිහි කිරීමට කටයුතු කරන අතර විශේෂිත වූ කිරි වර්ග දරුවාට ලබා දෙනු ඇත.

මෙතෙක් සොයා ගන්නා ලද එච් අයි වී ආසාදිත මව්වරුන් බිහි කළ සෑම දරුවෙකුම වෛරසය ආසාදනය වීමෙන් වළක්වා ගෙන ඇති බවයි වෛද්‍ය ජී වීරසිංහ පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර