අභයාරාම පෙත්සම විභාගයට

Image copyright Getty
Image caption දේශපාලන කටයුතු හේතුවෙන් ප්‍රදේශවාසීන්ට භාවනා කටයුතු මෙන්ම ආගමික වතාවත් නිදහසේ කර ගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි ශාස්ත්‍රපති පූජ්‍ය පත්බේරිය විමලඥාන හිමියන් පෙන්වා දෙන්නේ

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම වළකා තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා කොළඹ දිසා අධිකරණය අවසර ලබා දී ඇත.

ඉහත කී පෙත්සම ගොනු කොට ඇත්තේ කිරුලපන පූර්වාරාම විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය පත්බේරිය විමලඥාන හිමියන් විසින්.

අභයාරාම විහාරයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් එහි වග උත්තරකරු ලෙස නම් කොට තිබේ.

පෙත්සම්කාර පාර්ශවය පවසන්නේ නාරාහේන්පිට අභයාරාම විහාරය හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතුවලට මෙන්ම වෘත්තීය සමිති කටයුතු වලට නිතර භාවිතා කරන බවයි.

ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට භාවනා කටයුතු මෙන්ම ආගමික වතාවත් නිදහසේ කර ගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි ශාස්ත්‍රපති පූජ්‍ය පත්බේරිය විමලඥාන හිමියන් පෙන්වා දෙන්නේ.

Image caption කිරුලපන පූර්වාරාම විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය පත්බේරිය විමලඥාන හිමි

හිටපු ජනපතිවරයාට පවතින බිය නිසා ප්‍රදේශවාසීන් මේ පිළිබඳ පැමිණිලි කිරීමට පසුබට වන බවත් පෙත්සමේ සඳහන්.

අදාළ පෙත්සම පෙබරවාරි 15 වනදා විභාගයට ගන්නා ලෙසයි අධිකරණය නියෝග කළේ.

එදිනට ඊට අදාළ විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය වග උත්තරකාර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට නියෝග කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර