ජාතික කොඩිය එපා නම් කොටි කොඩියද? - රනිල්

Image caption 'එතකොට මොන කොඩියද දාන්නේ. කොටි කොඩියද?'

ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ධජය එසවීමෙන් වළකින ලෙස පළ කෙරෙන ප්‍රකාශවලට ප්‍රතිචාරය පළ කරන අගමැති රනිල් වික්‍රමසිංහ 'ජාතික කොඩිය එපා නම් මොන කොඩියද දාන්නේ, කොටි කොඩියද?' යනුවෙන් ප්‍රශ්න කරයි.

'ජාතික කොඩිය දාන්න එල්ටීටීඊය ඉඩ දුන්නේ නැහැ.අද මට පුදුමයි, අපේ මේ සිංහල කියන නායකයිනුත් එදා ප්‍රභාකරන් කිව්ව විදිහට යමින් ජාතික කොඩිය දාන්න එපා කියන එක ගැන.එතකොට මොන කොඩියද දාන්නේ. කොටි කොඩියද?' අගමැතිවරයා විමසයි.

අගමැතිවරයා එම ප්‍රශ්න කිරීම කළේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ප්‍රභාකරන්ගේ මග යමින්

Image copyright Getty
Image caption ''ඩීඑස් සේනානායක මැතිතුමා මේ රට නිදහස ලැබූ පසු බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් දැම්මා. ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා, ජීජී පොන්නම්බලම් මැතිතුමා එක්ක සිංහල, දෙමළ, මුස්ලිම් ඔක්කොම කිව්වා මේකයි අපේ කොඩිය කියලා.''

සිය කැමැත්තට අනුව ජාතික නිදහස් දින උළෙලට සහභාගී වනවාද නැද්ද යන්න තීරණය කළ හැකි නමුත් එම උළෙලේදී ජාතික කොඩිය එසවීමෙන් වැළකී සිටීමට කිසිවකුටත් නොහැකි බවයි අගමැතිවරයා පවසන්නේ.

'ඩීඑස් සේනානායක මැතිතුමා මේ රට නිදහස ලැබූ පසු බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් දැම්මා. ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා, ජීජී පොන්නම්බලම් මැතිතුමා එක්ක සිංහල, දෙමළ, මුස්ලිම් ඔක්කොම කිව්වා මේකයි අපේ කොඩිය කියලා.' අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

'ජාතික කොඩිය ඔසවන්න එපා කියනවා. ප්‍රභාකරන්ගෙන් පස්සේ කවුද මේක කියලා තියෙන්නේ' අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යළිත් ප්‍රශ්න කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර