දමිළ ජාතික ගී හඬ ගාලු මුවදොර ගුවනේ

Image copyright AFP

අද(පෙබරවාරි 04) කොළඹ ගාලු මුවදොර මුළු දුන් හැට අට වෙනි නිදහස් උළෙලේ දී ශ්‍රී ලංකාවේ ජාතික ගීතය දමිළ භාෂාවෙන් ද ගායනා කරනු ලැබුණි.

1948 පළමු නිදහස් දිනයේ දී දමිළ බසින් ද ජාතික ගීතය ගායනා කරනු ලැබුනත් පසු කාලයෙහි එම සම්ප්‍රදාය අත්හැර දමනු ලැබයි තිබුණේ.

ඓතිහාසික දත්ත අනුව නිදහස් උත්සවයක දී ජාතික ගීතය දමිළ බසින් අවසන් වරට ගයා තිබුණේ 1949 නිදහස් උත්සවයේදීය.

2015 ජනවාරි අටවෙනිදා බලයට පත් මෛත්‍රීපාල සිරිසේන නව රජය ජාතික ගීය දමිළ බසින් ද ගැයීමේ තීන්දුව ගනු ලැබුණේ ජාතික සංහිඳියාව උදෙසා ගෙන යමින් පවතින වැඩ පිළිවෙලේ අංගයක් වශයෙනි.

මේ අතර දේශපාලන පක්ෂ සහ සංවිධාන කීපයක් ජාතික ගීය දමිළ බසින් ගයනු ලැබීමට එරෙහිව ප්‍රකාශන නිකුත් කර ඇත.