ලොව විශාලතම නෞකාවක් හම්බන්තොට වරායේ

ලොව විශාලතම අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා අතුරින් එකක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායට පැමිණ තිබේ.

දිගින් මීටර 230 ක් වන හොලන්ඩ් ඇමරිකන් සමාගමට අයත් එම්එස් රොටඩෑම් නෞකාව හම්බන්තොට වාරයට මෙතෙක් පැමිණ ඇති දිගින් වැඩිම නෞකාවයි.

කාර්ය මණ්ඩල සාමාජිකයන් පන්සීය අනූ අට දෙනකුගෙන් සමන්විත රොටඩෑම් නෞකාව තුළ මගීහු 1164 දෙනෙක් ගමන් ගනිති.

ඉන්දියාවේ කොචින් වරායේ සිට පැමිණ ඇති නෞකාවේ මගීන්ගෙන් බොහෝ දෙනෙක් අද ඉරිදා හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් යාල, බූන්දල, කිරින්ද සහ තවත් ප්‍රදේශ රාශියක සංචාරය කිරීමට නියමිතයි.

අනතුරුව එම්එස් රොටඩෑම් නෞකාව රාත්‍රියේ හම්බන්තොට වරායේ සිට මියන්මාරයේ තිලවා වරාය දක්වා ගමන් ගනු ඇත.