ෆොන්සේකා දිවුරුම් දෙයි

Image copyright Getty

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්ණේය.

එක්සත් ජාතික පෙරමුණේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳුදා (08) තීරණය කළේය.

ඒ අනුව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා දිවුරුම් දුන්නේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙසයි.

Image copyright Getty

පසුගිය සතියේ සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එක්සත් ජාතික පෙරමුණ හා සන්ධානගත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසයි එම්.කේ.ඩි.එස් ගුණවර්ධන අමාත්‍යවරයාගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සරත් ෆොන්සේකාට ලබා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන්නේ.

ඇමතිකමක්!

සඳුදා සවස (08) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී අගමැති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාවට අනුමැතිය හිමි වූ බවයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා බිබිසියට පැවසුවේ.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට කැබිනට් අමාත්‍ය ධුරයක්ද හිමි වීමට නියමිත බව එජාප ආරංචි මාර්ග පවසයි.