වකුගඩු ජාවාරම ගැන වැඩිදුර පරීක්ෂණ

Image copyright Getty

ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ජාතිකයින්ගේ සිරුරේ අවයව ඉවත් කර තිබේදැයි යන්න පරික්ෂා කොට වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය.

ඉහත කී ඉන්දීය ජාතිකයන් අට දෙනා පොලිසිය විසින් ඊයේ සිකුරාදා අත්අඩංගුවට ගනු ලැබුවේ වීසා බලපත්‍ර නොමැතිව කොළඹ වැල්ලවත්ත සහ හැව්ලොක් විදියේ රැඳී සිටියදී.

පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ 'ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු වන නීති විරෝධී වකුගඩු ජාවාරමට' මෙම පුද්ගලයින් සම්බන්ධ වී ඇත්දැයි යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි.

ඒ අනුව අදාළ සැකකරුවන්ගේ ශරීරයේ වකුගඩු ඇතුළු කිසියම් හෝ අවයව කොටසක් ඉවත් කර තිබේදැයි පරික්ෂා කිරීමට අවශ්‍ය ඇති බව සඳහන් කළ පොලිසිය ඒ සඳහා අනුමැතිය දෙන මෙන් ඉල්ලා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරුවන්ගේ සිරුරුවලින් අවයව කොටස් ඉවත් කර තිබේදැයි පරික්ෂාකර බලා වාර්තාවක් සපයන මෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම ඉන් අනතුරුවයි.

පරීක්ෂණ කටයුතු අවසන් කර නොමැති බැවින් සැකකරුවන් රඳවා තබා ගැනීමට අනුමැතිය ලබා දෙන ලෙස පොලිසිය විසින් සිදු කරනු ලැබූ ඉල්ලීමටද අධිකරණයේ අනුමැතිය හිමි විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර