අස්ගිරි මහනාහිමියෝ දැයෙන් සමු ගනිති

Image copyright Getty

අපවත් වී වදාළ සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන්ගේ අවමගුල් උත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අස්ගිරි මහාවිහාරයේ සිට පොලිස් ක්‍රීඩාංගණය දක්වා වැඩම කර වූ මහනාහිමියන්ගේ ශ්‍රී දේහයට මඟ දෙපස රැස් වූ ජනතාව අවසන් ගෞරව දැක්වුහ.

ආදාහන උත්සවය සඳහා බෞද්ධ නාහිමිවරු, අන්‍යාගමික නායකයන්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වූහ.

Image copyright Getty
Image copyright Getty

තායිලන්තය, බුරුමය සහ ජපානය වැනි රටවල භික්ෂූහු මහනායක හිමිපාණන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.

දහස් සංඛ්‍යාත ජනතාවකගේ සෝසුසුම් මැද චිතකයට ගිනි දැල්වුණු අතර මහානාහිමියන් වෙනුවෙන් යුද හමුදා ආචාර වෙඩිමුර විසි එකක් ගුවනට මුදා හැරුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර