ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

21 වන සියවසේත් වර්ණභේදයෙන් පීඩා විඳි එංගලන්ත දුඹුරු දියණිය

ඔබත් මමත් කුඩා කාලයේදී නිරන්තරයෙන් මුහුණ දුන් සුන්දර අත්දැකීමක් තමයි, 'ඔයාගේ නහය තාත්තගේ වගෙයි' නැත්නම් 'ඔයාගේ ඇස් දෙක අම්මගේ වගේමයි'යනුවෙන් නෑදෑ හිත මිතුරන්ගෙන් ලැබෙන පැසසුම්.

නමුත් 'ජෙනී ස්මිත්' නම් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය තරුණියට ඒ සතුට ලැබීමේ හැකියාවක් නැත.

සිය දෙමව්පියන්ගේ හමේ පැහැය, හැඩ රුව සහිතව ඉපදීම සෑම දරුවෙකුම සතුටින් පිළිගන්නා, අගය කරන ස්වභාවධර්මයේ ත්‍යාගයක්.

එසේම දෙමව්පියන් අහිමි කුඩා දරුවෙකු හදා වඩා ගැනීමට භාර ගන්නා උත්තම මාපිය යුවළක් අතර හැදී වැඩෙන දරුවෙකු ඒ හේතුවෙන් සමාජයෙන් පීඩා විඳිය යුතු නැත.

Image copyright Thinkstock

ජෙනී ස්මිත් ශ්‍රී ලංකාවේ කතෝලික කන්‍යාරාමයක රැකවරණ ලබමින් සිටියදී අයර්ලන්ත යුවලක් විසින් හදා වඩා ගැනීමට භාර ගනු ලැබුවේ ඇයට වයස මාසයක් සම්පුර්ණ වෙද්දීයි.

එංගලන්තයේ බ්‍රයිටන් නුවර හැදී වැදුණු මෙම දැරිය සිය සමේ පැහැය සහ යුරෝපීය ජාතික දෙමාපියන් හිමි වීම හේතුවෙන් අද වන විටත් සමාජයෙන් පීඩා විඳීන්නියක්.

සිය ළමා කාලයේ සිට මේ දක්වා තමන් මුහුණ පාන අපහසුතා, වර්ණභේදවාදී සැලකුම් සහ නොසලකාහැරීම් ඇය අපට විස්තර කළේ මේ ආකාරයෙන්. සවන් දෙන්න හඬ පටයට.

ඇය පවසන්නේ බහු වාර්ගික සහ සංස්කෘතික වශයෙන් සිදුවන දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධයෙන් සමාජය මීට වඩා දැනුවත් විය යුතු බවයි.