ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මරණයට නියම වී සිර කුටියේ දිවි ගෙවන ලාංකිකයෝ

ලෝකය පුරා සිර ගෙවල් වල මරණ දඬුවමට ලක් කරන මිනිසුන්ගේ සංඛ්‍යාව 1989 වසරේ සිට සසඳන විට පසුගිය වසරේ පුදුමාකාර මට්ටමකින් වැඩි වී ඇති බව ඇමිනෙස්ටි ජාත්‍යන්තරය හෙළි කර තිබේ.

ශ්‍රී ලංකාවේ අධිකරණ මරණ දඬුවම නියම කළත් අවසන් වරට මිනිසකු එල්ලා මරා තිබෙන්නේ 1976 වසරේ.

Image copyright prisons.gov.lk

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මරණ දඬුවම නියම වී සිර දඬුවම් විඳින සිරකරුවන් පිළිබඳ විමසීමට ශ්‍රී ලංකා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නිශාන් ධනසිංහ සමග සාකච්ඡා කිරීමට සංදේශයට හැකි විය.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නිශාන් ධනසිංහ කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාවේ මරණ දඬුවමට යටත්ව සිර දඬුවම් විඳින පුද්ගලයන් හාරසිය හැත්තෑවකට අධික ප්‍රමාණයක් සිටින බවයි.

මරණ දඬුවම නියම වූ පුද්ගලයන්ට සිය දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට හෝ වසර පහළොවක කාලයකට මාරු කර දෙන ලෙස අභියාචනා ඉදිරිපත් කළ හැකි බව පෙන්වා දුන් බන්ධනාගාර කොමසාරිස් වරයා කියා සිටියේ මේ වන විට එවැනි අභියාචනා අසූවකට වැඩි ප්‍රමාණයක් සලකා බැලීම් සිදු කරමින් සිටින බවයි.

මේ වසරේ වාර්තා වූ මරණ දඬුවම් සංඛ්‍යාවෙන් 89% ක ප්‍රතිශතයක මරණ පකිස්තානය ඉරානය සහ සෞදි අරාබියයි නියම කර තිබෙන්නේ.

කෙසේ වෙතත් ඇමිනෙස්ටි ජාත්‍යන්තරය ඉදිරිපත් කළ වාර්තාවට චීනය ඇතුලත් නොවෙයි, නමුත් එම ආයතනය පවසන්නේ චීනය දහස් ගණනක් මරණ දඬුවමට ලක් කළ හැඩක පෙනෙන්ට ඇති බවයි.

ඇමිනෙස්ටි ජාත්‍යන්තරයේ ගෝලීය ගැටළු සහ පර්යේෂණ පිලිබඳ ප්‍රධානී ඕඩ්රී ගෝරන් කියා සිටියේ මෙම රටවල් ත්‍රස්තවාදය මැඩලීම සිය නිදහසට කරුණ කර ගෙන මරණ දඬුවම් ලබා දෙන ප්‍රමාණය වැඩි කර ඇති බවයි.