ඉන්දියාවේ දී මියගිය ඇමරිකානු සොල්දාදුවන්ගේ ශරීර කොටස් හමුවෙයි

  • 2016 අප්‍රේල් 13
Image copyright PA
Image caption තුන්සිය පනහක් පමණ වූ යුද සමයට අයත් ඉන්දියාවේ දී අතුරුදහන් වූ ඇමරිකානුවන් පිරිසක් පිලිබඳ තවමත් තොරතුරු හමු වී නැති බවයි වාර්තා වන්නේ.

දෙවන ලෝක යුද්ධයේදී ඉන්දියාවේ දී මරුමුවට පත් ඇමරිකානු සොල්දාදුවන් ගේ ශරීර කොටස් පළමු වතාවට නැවතත් ඇමරිකාවට යැවීමේ අවස්ථාව ඇමරිකානු ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ අගනගරය වන දිල්ලි නගරයේ දී පැවැත්වුණි.

එම සොල්දාදුවන් ගේ ශරීර ඇට කැබලි සොයා ගනු ලැබුවෙ හිමාලයේ අරුනචාල් ප්‍රදේශ් (Arunachal Pradesh) හි කැලෑබද පෙදෙස් වලිනි.

එම සිරුරු කොටස් වල හිමි කරුවන් DNA හඳුනාගැනීමේ තාක්ෂණය ඔස්සේ හඳුනා ගැනීමට නියමිතව තිබෙන අතර ඔවුන් 1994 දී චීනයට සැපයුම් රැගෙන පියාසර කරමින් තිබිය දී අතුරුදහන් වූ ඇමරිකානු ගුවන් යානයක කාර්යමණ්ඩලයට අයත් බවටයි සැක කෙරෙන්නේ.

ඇමරිකානු ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් ගේ පැමිණීම වොෂින්ටනය සහ දිල්ලිය අතර හමුදා සහයෝගීතාව ශක්තිමත් කරනු ඇති බවටයි විශ්වාසය පළකෙරෙන්නේ.

තුන්සිය පනහක් පමණ වූ යුද සමයට අයත් ඉන්දියාවේ දී අතුරුදහන් වූ ඇමරිකානුවන් පිරිසක් පිලිබඳ තවමත් තොරතුරු හමු වී නැති බවයි වාර්තා වන්නේ.