කාබුල් අගනුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

  • 2016 අප්‍රේල් 19
ඇෆ්ගන් Image copyright AP
Image caption ප්‍රහාරයට ගොදුරු වී තුවාල ලත් පිරිස 'දෙසීයකට අධිකයි'

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී පුද්ගලයන් හත් දෙනකුවත් මරුමුවට පත් වී ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයට හසු වී තුන්සීයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි ඇෆ්ගන් බලධාරීන් කියා සිටියේ.

එරට විශේෂ ආරක්ෂක ඒකකයකට අයත් ගොඩනැගිල්ලක් තුලට ආයුධ සන්නද්ධ ප්‍රහාරකයන් තිදෙනකු ඇතුළු වී ඇති බවත් වාර්තා වෙයි.

Image copyright Reuters
Image caption ප්‍රදේශය අවට ආරක්ෂක භටයන් යොදවා ඇත
Image copyright AP
Image caption පිපිරීමෙන් හටගත් දුම් වලා නගරයෙන් පිටතට පෙනෙන අයුරු

මරාගෙන මැරෙන බෝම්බකරු විසින් ඔහු ගමන් ගත් මෝටර් රථය පුපුරවා හැර ඇති බව ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර කටයුතු බාර අමාත්‍යවරයා කියා සිටියේය.

ප්‍රහාරයේ වගකීම තාලිබාන් සංවිධානය විසින් බාර ගෙන ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර