විලියම් ශේක්ෂ්පියර් මියගොස් වසර හාරසීයක් සැපිරෙයි

  • 2016 අප්‍රේල් 23
Image copyright Reuters
Image caption 1916 වසරේ අප්‍රේල් 23 වැනි දිනක 23ඔහු මිය ගිය බවට සැලකෙන අතර ඔහුගේ උපන් දිනය ද අප්‍රේල් 23 වෙනි දිනට යෙදී ඇත

විලියම් ශේක්ෂ්පියර් මියගොස් අද 23 වැනි සෙනසුරාදා වන විට වසර හාරසීයක් සැපිරීම බ්‍රිතාන්‍යය ජාතිකයන් තුළ විශේෂ අවධානයකට ලක් වී තිබේ.

ඉංග්‍රීසි වේදිකා නාට්‍ය රචක ශේක්ස්පියර් වයස අවුරුදු 52ක් ව සිටිය දී 1916 වසරේ අප්‍රේල් 23 වැනි දිනක මිය ගිය බවට සැලකෙන අතර ඔහුගේ උපන් දිනය ද අප්‍රේල් 23 වෙනි දිනට යෙදී ඇත.

ඔහු අනුස්මරණය කිරීම සඳහා ඔහු විසින් රචිත නාට්‍ය වල චරිතයන් නිරුපනය වන ඇඳුමින් සැරසීගත් නිරූපන ශිල්පීන් හා ශිල්පිනියන් ශේක්ස්පියර් ජීවත් වූ ස්ටැෆර්ඩ්-අපොන්-ටයින් නගර මධ්‍යයේ දී වීදි පෙරහැරක් පැවැත්වීමට නියමිතව තිබේ.

එම පෙරහැරෙන් පසු ශේක්ස්පියර් ගේ සුප්‍රසිද්ධ නාට්‍යය වල දර්ශන කිහිපයක් ජුඩි ඩේන්ච්, හෙලන් මිරේන් වැනි බ්‍රිතාන්‍යයේ නමගිය වේදිකා නාට්‍ය ශිල්පීන් සහ ශිල්පිනියන් විසින් ලංඩන් නුවර දී රඟදැක්වීමට ද නියමිතය.

මේ අතර බ්‍රිතාන්‍යයේ සංචාරයකට පැමිණි ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා ශේක්ස්පියර් ගේ ග්ලෝබ් රඟහල නැරඹීමට ද ගියේය.