සුව නින්දක් ලැබීමට නම්

  • 2016 අප්‍රේල් 23
Image copyright Getty Images
Image caption බොහෝ දෙනකුට නිදා ගැනීමට ඇති හොඳම තැන ඔවුන්ගේ 'පුරුදු තැනයි'

බොහෝ දෙනකුට නිදා ගැනීමට ඇති හොඳම තැන ඔවුන්ගේ 'පුරුදු තැනයි'.

එසේම මිනිසුන්ට නුපුරුදු ස්ථානයකදී නිසි නින්දක් නොලැබීමද සාමාන්‍ය තත්වයක්.

මිනිස් මොළයේ වම් පෙදෙස යම් කිසි අනතුරක් පිළිබඳ අවධානයෙන් පසු වීම ඊට හේතු වී ඇති බව ඒ සම්බන්ධයෙන් කළ අධ්‍යනයකින් පෙන්නුම් කරයි.

විද්‍යාගාරයක් තුළ රාත්‍රී කාලයේ සිදු කරන ලද පරීක්ෂණයක් සඳහා යොදා ගනු ලැබූ පුද්ගලයන්ගේ මොළයේ වම් පෙදෙස ශබ්දවලට වැඩි සංවේදීතාවක් දක්වන බව පෙනී යන්නේ යැයි ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රවුන්ස් සරසවියේ පර්යේෂකයෝ පවසති.

ඉහත කී තත්වය ජලජ ජීවීන්ගේ සහ ඇතැම් පක්ෂීන් අතරත් දැකිය හැකි බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.