පළමු ප්‍රභේදයේ දියවැඩියා ප්‍රහේලිකාව විසඳෙයි

  • 2016 අප්‍රේල් 24
Image copyright SPL
Image caption කාන්තාවක් ඉන්සියුලින් එන්නත් කරගන්නා අවස්ථාවක්

පළමු ප්‍රභේදයේ (type 1) දියවැඩියාවට හේතුවන ප්‍රතිශක්තිකරණය දුර්වල වීමේ ක්‍රියාවලිය පිලිබඳව මුලුමනින්ම හඳුනාගැනීමට විද්‍යාඥයින් සමත්වී ඇත.

දියවැඩියා රෝගය පිළිබඳව නිකුත්වන වෛද්‍ය සඟරාවක පළවී ඇති නවතම වාර්තාවකට අනුව මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ව්‍යභිචාරී ලෙස හැසිරීමේදී ඉලක්ක කෙරෙන පස්වැනි සහ අවසාන ඉලක්කය හඳුනා ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව ගවේෂණයක යෙදුනු ලින්කන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායම පවසන්නේ පළමු ගනයේ දියවැඩියා රෝගය වලක්වා ගැනීමට ප්‍රතිකාර කිරීමේ නව ක්‍රමවේදයන් වැඩිදියුණු කර ගැනීම සඳහා මෙම ගවේෂණයේ ප්‍රතිපල ඉවහල් වනු ඇති බවයි.

දියවැඩියාව සම්බන්ධයෙන් කරන ගවේෂණ සඳහා විශාල මෙහෙවරක් සිදුකරන සංවිධානයක් වන 'ඩයබිටීස් යු කේ' (Diabetes UK) පවසන්නේ මෙම සොයා ගැනීම බලාපොරොත්තු ඇතිකරවන්නක් බවයි.

රුධිරයේ සීනි ප්‍රතිශතය පාලනය කරන්නේ එම බීටා සෛල මගින් වන අතර පළමු වර්ගයේ දියවැඩියාව හේතුවෙන් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති ඉන්සියුලින් හෝමෝනය නිපදවීමේ හැකියාව ඇති 'බීටා' සෛල විනාශකරනු ලබයි.

Image caption දෙවන වර්ගයේ දියවැඩියාව බොහොවිට ජීවන රටාවේ දුර්වලතා හේතුවෙන් හට ගන්නා අතර 90% ක් වැඩිහිටියන් අතර පවතින මෙය ජීවිතයේ පසුභාගයේ දී හට ගනී.

පළමු වර්ගයේ දියවැඩියා රෝගීන් ගේ සිරුරේ නිපදවෙන ප්‍රතිජීවක යොදාගෙන කරන ලද අධ්‍යයනයක දී හෙළි වී ඇත්තේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රහාර එල්ලවන ප්‍රධාන ඉලක්ක පහක් ඇති බවයි.

මෙතෙක් එම ඉලක්කයන් කවරේද යන්න හඳුනාගැනීම අඳුරේ සිටින පුද්ගලයෙකු ගේ අඳුරු සේයාව දැකීම බඳු වූ බවයි පැවසෙන්නේ.

වසර ගණනාවකට පෙර කළ අධ්‍යයනයන්ගෙන් ඉහත කී ඉලක්කයන් අතුරින් ඇතැම් ඒවා හඳුන්බා ගැනීමට සමත් වූ අතර පසුගිය දහසක දෙකක කාලය තුළ කිසිවෙකු විසින් මෙම පස් වනේ සහ අවසාන ඉලක්කය හඳුනාගෙන නොතිබුණි.

ලින්කන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය මයිකල් ක්‍රිස්ටී (Dr Michael Christie) බීබීසීයට පැවසුවේ මේ එනව සොයාගැනීමත් සමග ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඉලක්ක කරන සියලු දේ හඳුනාගෙන අවසාන වන අබවයි. "අපි දැන් සමස්ථ චිත්‍රය දකිනවා" යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ අනුව, ඉන්සියුලින් (Insulin), ග්ලුටමෙට් ඩි කාබෝක්සිලේස් (Glutamate decarboxylase), අයි ඒ 2 (IA-2), සින්ක් ට්‍රාන්ස්පොර්ටර් -8 (Zinc transporter-8) සහ ප්‍රහේලිකාවේ අවසාන අවසාන හඳුනාගැනීම බවට පත්ව තිබු ටෙට්‍රාස්පැනින් -7 ( tetraspanin-7) යනු ඒ ඉලක්ක පහයි.

වෛද්‍යවිද්‍යාත්මක නාමයෙන් යුත් බොහෝ ඒවා ඉන්සියුලින් හෝමෝනය වර්ධනය කිරීමට උදව්වන ඒවා බවයි පැවසෙන්නේ.

Image copyright AFP
Image caption නව සොයා ගැනීම පලමුවර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන්නවුන්ගේ තත්වයන් යහපත් කිරීමට හේතුවනු ඇති බවයි පැවසෙන්නේ

මෙතෙක් හඳුනාගෙන තිබු ඇතැම් ඉලක්ක පළමු වර්ගයේ දියවැඩියාව සම්බන්ධව ලන්ඩනයේ කිංග්ස් කොලේජ් සරසවියේ පර්යේෂණ සඳහා දැනටමත් යොදාගෙන තිබේ.

එසේවුවද වෛද්‍ය ක්‍රිස්ටි පවසන්නේ නව සොයා ගැනීම පලමුවර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන්නවුන්ගේ තත්වයන් යහපත් කිරීමට හේතුවනු ඇති බවයි.

ඉහත කී ප්‍රෝටීන වර්ග පහට ප්‍රතික්‍රියා දැක්වීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට නොහැකි වූ හේතුව දැන් හඳුනාගෙන ඇති බැවින පළමු වර්ගයේ දියවදියාරෝගීන් අසාදන වලට ලක්වීමට නොදී ප්‍රතිකාර කිරීමට හැකිවනු ඇති බවටයි ඔහු බලාපොරොත්තුව පළකළේ.

දියවැඩියාවේ ප්‍රධාන ප්‍රභේදයන් දෙකක් පවතී.

පළමු ප්‍රභේදය (Type 1) - මෙහිදී අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවීමක් කිසිසේත්ම සිදු නොවේ

දෙවන ප්‍රභේදය (Type 2) - මෙහිදී අග්න්‍යාශය මගින් ඉන්සියුලින් ප්‍රමාණවත් තරම් නිපදවීම සිදු නොවීම හෝ ශරීරයේ සෛල ඉන්සියුලින් වෙත ළඟාවීම සිදුනොවේ.

පළමු දියවැඩියා වර්ගය ඕනෑම වයසක දී වැළඳිය හැකි අතර බොහෝවිට ළමා වියේ දී හෝ වයස 40 ට පෙර වැළඳේ.

දෙවන වර්ගයේ දියවැඩියාව බොහොවිට ජීවන රටාවේ දුර්වලතා හේතුවෙන් හට ගන්නා අතර 90% ක් වැඩිහිටියන් අතර පවතින මෙය ජීවිතයේ පසුභාගයේ දී හට ගනී.