කැනඩා ලැව් ගින්න නිසා 80,000 ක් ඉවත් කෙරෙයි

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
නගරය වටා ඇති කැලෑව මුළුමනින් ගිනිගෙන තිබේ

කැනඩාවේ ෆොර්ට් මැක්මරේ හි ලැව් ගින්නක් හේතුවෙන් නගරයේ පදිංචි සියලුම ජනතාව ඉවත්කර තිබේ.

අසූ දහසක් වූ ජනතාවට නගරයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇත්තේ ගිනිදැල් නගරය දෙසට ඇදෙමින් පවතින හෙයින්.

ගෑස් මධ්‍යස්ථානයක්, හෝටලයක් සහ ජංගම නිවාස උද්‍යානයක් ඇල්බර්ටා නගරයේ දී ගින්නෙන් විනාශයට පත් ගොඩනැගිලි අතර වෙයි.

Image copyright AP
Image caption ෆොර්ට් මැක්මරේ දෙසට ගිනිදැල් ඇදී එන්නේ අධික සුළං හේතුවෙන්

නගරයෙන් පිටත මහාමාර්ග වල දැඩි වාහන තදබදයක් පවතින අතර බොහෝ දෙනා උතුරු දෙසට පලා යාම ආරඹා ඇත්තේ ගිනිදළු හේතුවෙන් දකුණු දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය වන අංක 93 දරණ අධිවේගී මාර්ගය වසා දැමූ හෙයිනි..

කෙසේවුවද මේ දක්වා තුවාල කරුවන් කිසිවෙකු වාර්තා වී නැත.

Image copyright AP
Image caption මහාමාර්ග වල දැඩි තදබදයක් පවතින්නෙ බොහෝ පිරිස් උතුරු දෙසට යාමට උත්සාහ දැරීම හේතුවෙන්

මෙය මෙම පළාතේ සිදු වූ විශාලතම ජනතා ඉවත්කිරීම බවයි ඇල්බර්ටා නගරාධිපතිවරිය වන රැචෙල් නොට්ලි පැවසුවේ.

ප්‍රමුඛතාවය දී ඇත්තේ සියලුදෙනාගේ ආරක්ෂාව පිළිබඳව සහ තවාකාලික රැඳවුම් මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය තරම් ඉඩකඩ සොයාගැනීම බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ගිනි නිවන භටයන් මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා දැඩි වෙහෙසක් ගනිමින් සිටින අතර ප්‍රාදේශීය බලධාරීන් ඉල්ලා ඇත්තේ ජලය ඉසීමේ හෙලිකොප්ටර යානා වැනි පහසුකම් ලබා දෙන ලෙසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර