එංගලන්ත සංචාරය: 'කාලගුණ අභියෝගයට සූදානම්'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එංගලන්ත සංචාරය: 'කාලගුණ අභියෝගයට සූදානම්'

ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එංගලන්තය බලා පිටත්ව ගියහ.

එංගලන්තයේ පවතින කාලගුණය අභියෝගයක් වනු ඇති නමුත් ඊට මුහුණ දීමට කණ්ඩායමේ ක්‍රීඩකයන් සුදානම් බවයි එංගලන්තය බලා යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය දෙස අවධානය යොමු කොට කණ්ඩායමට සාමාජිකයන් තෝරා ගෙන ඇති බවයි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය එහිදී සඳහන් කළේ.

'යොවුන් ක්‍රීඩකයන් තමයි කණ්ඩායමේ ඉන්නේ. අපි බොහෝ දුරට ඉදිරිය බලා තමයි මේ කණ්ඩායම තෝරලා තියෙන්නේ. අපේ මේ කණ්ඩායමට දෙන්න පුළුවන් උපරිම ශක්තිය අපි දෙන්න අවශ්‍යයි' ඔහු වැඩිදුරටත් පැවසීය.

සබැඳි විෂයයන්