දෙමටගොඩ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක්

Image caption පොලිස් ප්‍රහාරය පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වෙන බවයි රාජිත සේනාරත්න ඇමතිවරයා පවසන්නේ.

පසුගිය රජයේ ප්‍රබලයන්ට එරෙහිව සිදු කෙරෙන පරීක්ෂණ යට ගැසීම සඳහා වත්මන් ආණ්ඩුව තුළ සිටින ඇතැම් පිරිස් කටයුතු කරන බවට තමාට සැක මතු වී තිබෙන බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ පසුගිය රජය සමයේ සිදු වූ බව පවසන මහා පරිමාණ මූල්‍යය වංචාවක සාක්ෂිකරුවෙකුට, ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන විභාගයේ සාක්ෂිකරුවකු වීමෙන් වළකින ලෙස බලපෑම් කරමින් පොලිසියේ පිරිසක් පහර දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අද (11)කැබිනට් මාධ්‍ය හමුවේ දී ප්‍රශ්න කෙරුණ විට සිය අදහස් දක්වමිනි.

දූෂණ විරෝධී පෙරමුණ පොලිසිය විසින් සිදු කරන ලද පහර දීමක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පසුගිය සඳුදා පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ 'ඉකුත් රජයේ ප්‍රබලයෙකුට එරෙහිව සිදු කෙරෙන පරීක්ෂණයක ප්‍රධාන සාක්ෂිකරු වන සරත් දිසානායක නම් පුද්ගලයා පොලිසියේ කණ්ඩායමක් විසින් පැහැර ගනු ලැබ ඔහුට පහර දී රජයේ සාක්ෂිකරුවකු ලෙස කටයුතු කිරීමෙන් වළකින ලෙස' බලපෑම් කර තිබෙන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න ඇමතිවරයා 'පොලිසියේ ඇතැම් කණ්ඩායම් මුදල් ලබාගෙන පරීක්ෂණ යට ගැසීමක නියැලෙන බවට තොරතුරු ලැබී තිබෙන බවයි කියා සිටියේ.

පොලිසියේ බලපෑම්

හිටපු රජයේ ප්‍රබල පුද්ගලයකු ගේ රියදුරු ලෙස සේවය කර ඇති සරත් දිසානායක නම් පුද්ගලයා එවකට සිදු කොට ඇති දූෂණ සියල්ල හෙළි කර ඇති බවත් රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි.

'එම පුද්ගලයා තොරතුරු හෙළිදරව් කරනවා. පසුගිය රජයේ ප්‍රබලයන් මේ පරීක්ෂණ යටපත් කිරීමට නිලධාරීන්ට අල්ලස් දුන්න හැටි ඔහු හෙළිදරව් කරනවා. අපේ ආණ්ඩුව ආවත් 'රාජ්‍යය යන්ත්‍රය' තවමත් වෙනස් වෙලා නැහැ කියල මම හැමදාම කියන්නේ ඒක නිසයි' ඇමතිවරයා කියා සිටියේය.

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක අල්ලස් කොමිසමට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක ප්‍රධාන සාක්ෂිකරු ලෙස පසුගිය රජයේ ප්‍රබලයාගේ ඉහත කී රියදුරු ඉදිරිපත් කොට ඇති අතර එම පරීක්ෂණය සිදු වෙමින් පවතින අතරවාරයේ වෙනත් හේතුවක් සඳහා යයි කියමින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පහර දුන් පොලිස් කණ්ඩායම කටයුතු කර ඇති ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බවත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි.

'පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ ගෝලයෙකු ළඟ තියා ගෙන තමයි පොලිස් ප්‍රශ්න කිරීම් සිදු කරලා තියෙන්නේ. දැන් ඔක්කොම හෙළිදරව් වෙලා තියෙන්නේ. මුදල් දුන්න තැන්, ඒවා ගෙනිච්ච හැටි, ලිපි ගොනු එළියට දුන්න හැටි මේ ඔක්කොම හෙළිදරව් වෙලා තියෙනවා' ඇමතිවරයා සඳහන් කරයි.

දූෂණ සෙවීමත් දූෂණයක් කර ගැනීම

එම පරීක්ෂණ යට ගැසීමට ආණ්ඩුවේම කොටසක් උත්සාහ කරනවාදැයි බීබීසිය විමසූ විට ඇමතිවරයා කියා සිටියේ 'තමාටත් එවැනි සැකයක් ඇති' බවයි.

චම්පික රණවක ඇමතිවරයා එම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් චෝදනා කලේ 'දූෂණ සෙවීම දූෂණයක් කර ගැනීමට ඇතැමුන් උත්සාහ කරන ' බවට චෝදනා කළේය.

'දූෂකයන් රකින්න අපේ ආණ්ඩුවේ කවුරු හරි උත්සාහ කරනවා නම්, එහෙමත් නැත්නම් දූෂණ සෙවීමේ වැඩ පිළිවෙළ තවත් දූෂණයක් කර ගන්න හදනවා නම් සහ දූෂණයේ නියැලෙන්න කවුරු හරි උත්සාහ කරනවා නම් බැඳුම්කර වංචාවේ දී වගේ අපි ඒවා පිළිබඳ ව කෙළින්ම විරෝධය පළ කරනවා' චම්පික රණවක ඇමතිවරයා කියා සිටියේය.

පසුගිය රජයේ ප්‍රබලයන්ට එරෙහිව සිදු කෙරෙන පරීක්ෂණ යට ගැසීම සඳහා වත්මන් ආණ්ඩුව තුළ සිටින ඇතැම් පිරිස් කටයුතු කරන බවට තමාට සැක මතු වී තිබෙන බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

Image caption රාජිත සේනාරත්න ඇමතිවරයා

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ පසුගිය රජය සමයේ සිදු වූ බව පවසන මහා පරිමාණ මූල්‍යය වංචාවක සාක්ෂිකරුවෙකුට, ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන විභාගයේ සාක්ෂිකරුවකු වීමෙන් වළකින ලෙස බලපෑම් කරමින් පොලිසියේ පිරිසක් පහර දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අද (11)කැබිනට් මාධ්‍ය හමුවේ දී ප්‍රශ්න කෙරුණ විට සිය අදහස් දක්වමිනි.

දූෂණ විරෝධී පෙරමුණ පොලිසිය විසින් සිදු කරන ලද පහර දීමක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පසුගිය සඳුදා පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ 'ඉකුත් රජයේ ප්‍රබලයෙකුට එරෙහිව සිදු කෙරෙන පරීක්ෂණයක ප්‍රධාන සාක්ෂිකරු වන සරත් දිසානායක නම් පුද්ගලයා පොලිසියේ කණ්ඩායමක් විසින් පැහැර ගනු ලැබ ඔහුට පහර දී රජයේ සාක්ෂිකරුවකු ලෙස කටයුතු කිරීමෙන් වළකින ලෙස' බලපෑම් කර තිබෙන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න ඇමතිවරයා 'පොලිසියේ ඇතැම් කණ්ඩායම් මුදල් ලබාගෙන පරීක්ෂණ යට ගැසීමක නියැලෙන බවට තොරතුරු ලැබී තිබෙන බවයි කියා සිටියේ.

පොලිසියේ බලපෑම්

හිටපු රජයේ ප්‍රබල පුද්ගලයකු ගේ රියදුරු ලෙස සේවය කර ඇති සරත් දිසානායක නම් පුද්ගලයා එවකට සිදු කොට ඇති දූෂණ සියල්ල හෙළි කර ඇති බවත් රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි.

'එම පුද්ගලයා තොරතුරු හෙළිදරව් කරනවා. පසුගිය රජයේ ප්‍රබලයන් මේ පරීක්ෂණ යටපත් කිරීමට නිලධාරීන්ට අල්ලස් දුන්න හැටි ඔහු හෙළිදරව් කරනවා. අපේ ආණ්ඩුව ආවත් 'රාජ්‍යය යන්ත්‍රය' තවමත් වෙනස් වෙලා නැහැ කියල මම හැමදාම කියන්නේ ඒක නිසයි' ඇමතිවරයා කියා සිටියේය.

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක අල්ලස් කොමිසමට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක ප්‍රධාන සාක්ෂිකරු ලෙස පසුගිය රජයේ ප්‍රබලයාගේ ඉහත කී රියදුරු ඉදිරිපත් කොට ඇති අතර එම පරීක්ෂණය සිදු වෙමින් පවතින අතරවාරයේ වෙනත් හේතුවක් සඳහා යයි කියමින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පහර දුන් පොලිස් කණ්ඩායම කටයුතු කර ඇති ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බවත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි.

'පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ ගෝලයෙකු ළඟ තියා ගෙන තමයි පොලිස් ප්‍රශ්න කිරීම් සිදු කරලා තියෙන්නේ. දැන් ඔක්කොම හෙළිදරව් වෙලා තියෙන්නේ. මුදල් දුන්න තැන්, ඒවා ගෙනිච්ච හැටි, ලිපි ගොනු එළියට දුන්න හැටි මේ ඔක්කොම හෙළිදරව් වෙලා තියෙනවා' ඇමතිවරයා සඳහන් කරයි.

Image caption ඇමති චපික රණවක

දූෂණ සෙවීමත් දූෂණයක් කර ගැනීම

එම පරීක්ෂණ යට ගැසීමට ආණ්ඩුවේම කොටසක් උත්සාහ කරනවාදැයි බීබීසිය විමසූ විට ඇමතිවරයා කියා සිටියේ 'තමාටත් එවැනි සැකයක් ඇති' බවයි.

චම්පික රණවක ඇමතිවරයා එම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් 'දූෂණ සෙවීම දූෂණයක් කර ගැනීමට ඇතැමුන් උත්සාහ කරන ' බවට චෝදනා කළේය.