හිලරිට ඔබාමාගේ සහය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හිලරිට ඔබාමාගේ සහය

ඇමරිකාවේ ජනාධිපති පදවිය වෙනුවෙන් මෙතෙක් ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් වැඩිම සුදුසුකම් ඇති චරිතය හිලරි ක්ලින්ටන් බව පවසන ජනාධිපති බරක් ඔබාමා පෙනී සිටින වීඩියෝවක් හිලරි ක්ලින්ටන් ඇයගේ ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ පළ කර තිබුණි.

එහි දැක්වෙන ආකාරයට හිලරි ක්ලින්ටන් මෙවර ඇමරිකා ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව වශයෙන් පිළිගෙන ඇයට සිය සහය පළ කරන බව ජනාධිපති බරක් ඔබාමා නිල වශයෙන් ප්‍රකාශ කරයි.

වැඩිම සුදුසුකම්

හිලරි ක්ලින්ටන් සමග ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය වෙනුවෙන් තරග වැදුණු සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් සමග පසුගියදා පැවති හමුවෙන් පසුවයි ජනාධිපතිවරයා සිය සහය නිල වශයෙන් ඇය වෙත ලබා දෙන බව ප්‍රකාශ කළේ.

ඇමරිකාවේ ජනාධිපති පදවිය වෙනුවෙන් මෙතෙක් ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් වැඩිම සුදුසුකම් ඇති චරිතය හිලරි ක්ලින්ටන් බව පවසන ජනාධිපති බරක් ඔබාමා පෙනී සිටින වීඩියෝවක් හිලරි ක්ලින්ටන් ඇයගේ ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ පළ කර තිබුණි.

මේ අතර ඉදිරි පෙළ ලිබරල්වාදී සෙනෙට් සභිකාවක් වන එළිසබෙත් වොරන්, හිලරි ක්ලින්ටන් වෙනුවෙන් සිය සහයෝගය පළ කළාය.

ධවල මන්දිරය

මම ලෑස්තියි ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරිය ලෙස හිලරි ක්ලින්ටන් පත් කිරීම වෙනුවෙන් ඇය සමග මේ සටනට එකතු වෙන්න. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ධවල මන්දිරය අසලට වත් ලඟා වීමට ඉඩ තියන්නේ නැහැයි කියන එක සහතික කළ යුතුව තියෙනවා. එළිසබෙත් වොරන් පැවසුවාය.

ජනාධිපති ඔබාමා සහ හිලරි ක්ලින්ටන් එකතුව එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු ඉතා ඉක්මනින් ඇරඹීමට නියමිතයි.

2008 වසරේ පැවති ඇමරිකාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය සඳහා බරක් ඔබාමා සහ හිලරි ක්ලින්ටන් තියුණු තරගයක යෙදුනු අතර අවසානයේ ඔබාමා ජය ගත් අතර සිය පාලනය යටතේ රාජ්‍ය ලේකම් ධුරය හිලරි ක්ලින්ටන් වෙත පිරි නැමීමට ඔහු ක්‍රියා කළේය.