සමලිංගික හාදුව වේදිකාවේ තහනම්

MARCH 19: A sign advertising a musical 'Les Miserables' on Shaftesbury Avenue in the West End on March 19, 2012 in London, England. Image copyright Getty Images
Image caption බලපත්‍රයට අදාළ නීති රීති බිඳ දැමීම පිළිබඳව මෙම වේදිකා නාට්‍ය නිෂ්පාදකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ

මහජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ සිංගප්පූරුවේ "ලේ මිසරාබ්ලේ" වේදිකා නාට්‍ය නිර්මාණයේ පිරිමි නළුවන් දෙදෙනෙකු සිප ගන්නා දර්ශනය ඉවත්කොට තිබේ.

'බෙගර්ස් ඇට් ද ෆීස්ට්' ගීතය අඩංගු දර්ශනයේ දී නළුවන් දෙදෙනෙකු තොල් සිප ගන්නා දර්ශනයක් ඇතුලත්ව තිබේ.

සිංගප්පූරුවේ මාධ්‍ය සංවර්ධන අධිකාරිය (MDA) පැවසුවේ "සාමාන්‍ය" වර්ගීකරණයට අදාළ නීති උල්ලංඝනය වී ඇති බව පෙන්වා දීමෙන් පසු නළුවන් සිප ගැනීමේ දර්ශනය ඉවත් කිරීමට නිෂ්පාදකයන් එකඟ වූ බවයි.

එම තොල් සිප ගැනීමේ දර්ශනය හාස්‍යජනක එකක් බවයි මෙම නාට්‍ය දර්ශනය සංවිධානය කළ අය පවසන්නේ .

Image copyright Garry Liam
Image caption සිංගප්පූර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 377A වගන්තියට අනුව ප්‍රසිද්ධියේ හෝ රහසිගතව සම ලිංගිකව හැසිරීම අවුරුදු දෙකක සිර දඬුවම් පැනවිය හැකි වරදකි.

" මේ සමලිංගිකයන්ගේ හාදුව අවධානයට ලක්වන ආකාරයෙන් නොවෙයි පිටපත MDA එකට දීල තිබුනෙ. ඒ නිසයි මේ නාට්‍යයට "සාමාන්‍ය" වර්ගීකරණය යටතේ බලපත්‍රය ලැබුනෙ. ඒ නිසා මේ නිෂ්පාදකවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්න සිදුවෙනව, බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කිරීම වෙනුවෙන්" යනුවෙනුයි MDA බලධාරීන් ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙම නාට්‍යය සංවිධානය කළ 'මීඩියා කෝප් විස්ප්රෝ' ආයතනයේ මෝසස් ලයි පැවසුවේ ජුනි 3 වැනිදා සිට නාට්‍යය හාදුව ඇතුලත් දර්ශනය ඉවත්කර වේදිකා ගතවන බවයි.

සිංගප්පූර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 377A වගන්තියට අනුව ප්‍රසිද්ධියේ හෝ රහසිගතව සම ලිංගිකව හැසිරීම අවුරුදු දෙකක සිර දඬුවම් පැනවිය හැකි වරදකි.

ජුනි 4 වැනිදා පැවති 'පින්ක් ඩොට්' නම් වාර්ෂික සමලිංගික පාගමනට විදේශීය සමාගම් අනුග්‍රහය දැක්වීම පිළිබඳව සිංගප්පුරුව පුරා ඇතිවූ මත ගැටුමකින් අනතුරුවයි මෙම නාට්‍ය දර්ශනය පිළිබඳව අවධානය යොමුවී ඇත්තේ.

ජුනි 8 වැනිදා සිංගප්පුරු බලධාරීන් අනතුරු අඟවමින් පවසා තිබුණේ 'පින්ක් ඩොට්' වැනි සංදර්ශන සඳහා විදේශීය සමාගම් සහය නොදැක්විය යුතු බව පවසමින්.

සමලිංගික පාගමන සඳහා ජේ පී මෝර්ගන්, ගූගල් සහ බාර්ක්ලේස් වැනි සමාගම් අනුග්‍රහය දක්වා තිබුණි.

සම්ප්‍රදායික පවුල් වටිනාකම් පිළිබඳව උනන්දුවක් දක්වන සිංගප්පූරුවේ ක්‍රිස්තියානි ප්‍රජාව 'පින්ක් ඩොට්' නම් වාර්ෂික සමලිංගික පාගමන වැනි සංදර්ශන සඳහා තම විරෝධය පළ කර තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්