බෙල්ජියමේ දී ත්‍රස්ත සැකකරුවන් 12 ක් අත්අඩංගුවට

A police officer in Brussels, 17 June Image copyright Reuters
Image caption සෝදිසියට ලක් කළ ප්‍රදේශ අතර මොලේන්බීක් ප්‍රදේශය ද අවන අතර එය බ්‍රසල්ස් දිස්ත්‍රික්කය තුළ ජිහාඩ් වාදීන් සිටින බවට ප්‍රසිද්ධ වී ඇති බවයි පැවසෙන්නේ.

බ්‍රසල්ස් නුවර ප්‍රහාරයෙන් මාස තුනකට ආසන්න කාලයකට පසු බෙල්ජියමේ සිදු කරන ලද දැවැන්ත ත්‍රස්ත විරෝධී පොලිස් මෙහෙයුමකින් පුද්ගලයන් 12 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුමේ දී 40 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කරන ලද අතර රඳවා ගනු ලැබූවන් ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කළ අය බවට සැක කරන බවයි පොලීසිය පවසන්නේ.

වැඩි වශයෙන් බ්‍රසල්ස් නුවර සිදුකළ මෙහෙයුම් වල දී නගර සභා බල ප්‍රදේශ 16 ක සෝදිසි කටයුතු සිදු වූ අතර වසා දමා තිබූ 'ගරාජයන්' 152ක් පරීක්‍ෂාවට ලක් කර තිබේ.

මාර්තු 22 වෙනිදා බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපලේ සහ උමං දුම්රිය ස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීම් වලින් පුද්ගලයන් 32 දෙනෙකු මරුමුවට පත්විය.

කෙසේවුවද මෙවර සෝදිසි මෙහෙයුම් වලදී පුපුරණ ද්‍රව්‍ය හෝ ගිනි අවි කිසිවක් සොයාගෙන නැති බවයි බෙල්ජියමේ බලධාරීන් නිල ප්‍රකාශයකින් පවසන්නේ.

සෝදිසියට ලක් කළ ප්‍රදේශ අතර මොලේන්බීක් ප්‍රදේශය ද වන අතර එය බ්‍රසල්ස් දිස්ත්‍රික්කය තුළ ජිහාඩ් වාදීන් සිටින බවට ප්‍රසිද්ධ වී ඇති පෙදෙසකි.

හදිසි මෙහෙයුමක අවශ්‍යතාවය මතුවීම හේතුවෙන් මෙසේ සෝදිසි කිරීම් සිදුකළ බව බලධාරීහු පැවසුවද ආරක්ෂාවට කෙතරම් තර්ජනයක් පවතින්නේ දැයි රජය විසින් ප්‍රකාශයට පත් කොට නැත.

සිරියාවෙන් පැමිණෙන ඉස්ලාම් රාජ්‍ය සංවිධනයට අයත් කණ්ඩායම් බෙල්ජියමේ සහ ප්‍රංශයේ දී අලුතින් ප්‍රහාර එල්ල කිරීමට සුදානමක් පවතින බවට අනතුරු ඇඟවීම් ලැබී තිබුණු බවයි පොලීසිය පවසන්නේ.

නම සඳහන් නොකළ ආරක්ෂක ආරංචි මාර්ගයකට අනුව DH නම් බෙල්ජියම් පුවත්පත බදාදා වාර්තා කර තිබුනේ සති එක හමාරකට පෙර එක් කණ්ඩායමක් සිරියාවෙන් පිටත්වී තුර්කිය හා ග්‍රීසිය හරහා ගමන්බලපත්‍ර නොමැතිව බෝට්ටු මගින් යුරෝපයට ලඟා වෙමින් සිටින බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්