ජාවා දූපතේ ගංවතුරින් 24 ක් මරුට

Image caption නිවාස දහස් ගණනක් අනතුරට ලක්වී ඇති අතර ඒවායේ පදිංචිකරුවන් ආරක්ෂා සහිත ස්ථාන කරා රැගෙන ගොස් ඇත

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ගංවතුර සහ මඩ දිය ගලා යාම් හේතුවෙන් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇත.

මධ්‍යම පළාතේ සිදුවූ නාය යාමකින් අතුරුදහන් වූ තවත් 26 දෙනෙකු සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකව පවතින බවයි වාර්තා වන්නේ.

දින ගණනක් පුරා ඉන්දුනීසියාවේ පවතින අධික වර්ෂාව හේතුවෙන් නිවාස දහස් ගණනක් අනතුරට ලක්වී ඇති අතර ඒවායේ පදිංචිකරුවන් ආරක්ෂා සහිත ස්ථාන කරා රැගෙන ගොස් ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර