පිළිකාවට ගොදුරු වූ පුතු වෙනුවෙන් හිසට පච්චයක්

ඔහුගේ අට හැවිරිදි පුතු ගැබ්‍රියල් දුර්ලභ ගණයේ පිළිකා රෝගයකට ගොදුරු වී ඇති බව පසුගිය මාර්තු මාසයේදී සොයා ගැනිණි
Image caption ඔහුගේ අට හැවිරිදි පුතු ගැබ්‍රියල් දුර්ලභ ගණයේ පිළිකා රෝගයකට ගොදුරු වී ඇති බව පසුගිය මාර්තු මාසයේදී සොයා ගැනිණි

මොළයේ සිදු කරන ලද ශල්‍යකර්මයක් හේතුවෙන් සිය පුතුගේ හිසෙහි වූ කැළලට සමාන පච්චයක් තම හිසෙහි කොටා ගත් විසි අට හැවිරිදි පියකු පිළිබඳ එක්සත් ජනපදයෙන් වාර්තා වේ.

පිළිකා රෝගවලට ගොදුරු වූ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන පුණ්‍යායතනයක් විසින් සංවිධානය කරන ලද තරඟයකට ඉදිරිපත් වූ ජෝෂ් මාෂල් හොඳම 'තට්ට හිසක් හිමි පියා' බවට පත් වෙමින් ඉන් ජයග්‍රහණය කළේය.

තරඟයට ඉදිරිපත් වෙමින් ඔහු පවසා තිබුණේ සිය පුතුගේ ආත්ම විශ්වාසය ඉහළ නංවනු වස් ඔහුගේ හිසෙහි වූ කැළලට සමාන පච්චයක් තම හිසේ කොටා ගැනීමට තීරණය කළ බවයි.

පිළිකා රෝගවලට ගොදුරු වූ දරුවන්ගේ නෑහිතමිතුරන් සඳහා ඉහත කී තරඟය විවෘත විය.

ජයග්‍රහණය පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ සඳහනක් තබමින් ජෝෂ් මාෂල් පවසා තිබුණේ තරඟයට ඉදිරිපත් වූ අනෙකුත් පියවරුන් සමග තම ජයග්‍රහණය බෙදා ගන්නා බවයි.

ඔහුගේ අට හැවිරිදි පුතු ගේබ්‍රියල් දුර්ලභ ගණයේ පිළිකා රෝගයකට ගොදුරු වී ඇති බව පසුගිය මාර්තු මාසයේදී සොයා ගැනිණි.

Image caption දෙවන ස්ථානයට පැමිණි රචඩ් සහ ඔහුගේ දියණිය කේයිටි

ඉහත කී තරඟය සඳහා සහභාගී වූ හිස බූ ගෑ තවත් පියවරු දෙදෙනක් දෙවන තෙවන ස්ථාන දිනා ගත්හ.

දෙවන ස්ථානයට පත් රිචඩ් ජැන්කොව්ස්කි සිය හිස බූ ගා තිබුණේ ලියුකේමියා රෝගයට ගොදුරු වූ සිය දියණිය වෙනුවෙනි.

Image caption තෙවන ස්ථානයට පැමිණි බ්‍රයන් සහ ඔහුගේ දියණිය සෝයි