ජෙරමි කෝබින් විශ්වාස භංගයෙන් පරාදයි

කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් Image copyright Getty Images
Image caption කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින්

බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින්ට එරෙහි විශ්වාස භංග යෝජනාවකට පක්ෂව 170 කට වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය භාවිත කළහ.

එයට එරෙහිව ඡන්දය දී තිබෙන්නේ මන්ත්‍රීවරු හතලිහක් පමණයි.

විශ්වාස භංග යෝජනාව පරාජය වුවත් ලේබර් පක්ෂ නායකයාට තවදුරටත් පදවියේ රැඳී සිටීමට අවස්තාව තිබෙන අතර, මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමි වුවත් පක්ෂ සාමාජිකයන් බහුතරය ඔහුට සහාය දෙන බවයි ජෙරමි කෝබින් ගේ ආධාරකරුවන් පවසන්නේ.

ජනමත විචාරණ ප්‍රතිඵලයෙන් අනතුරුව දින දෙකක් ඇතුළත කම්කරු පක්ෂ 'ඡායා කැබිනට් මණ්ඩලයේ' සාමාජිකයන් හතළිස් දෙනෙක් සිය ධුරවලින් ඉවත් වූහ.

දිගටම යුරෝපා සංගමයේ රැඳී සිටීමේ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් සිය යුතුකම නිසියාකාරව ඉටු නොකළ බවට ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බොහෝ දෙනෙක් සිය නායකයාට චෝදනා කරති.

කම්කරු පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන් ජෙරමි කෝබින්ගේ නායකත්වය කෙරෙහි තවදුරටත් විශ්වාසය තබා සිටින බවක් දක්නට ලැබෙන බවයි ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර