අඳුරේ වයන රාමදාන් බෙරවදකයෝ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කාශ්මීරයෙන් තවමත් ඇසෙන රාමදාන් බෙර හඬ

මධ්‍යම රාත්‍රීය ගෙවී හොරා දෙකක් හෝ තුනක් ගතවූ පසු එළිය වැටෙමින් පවතිද්දී නගරවාසීන් නිදි යහනින් පුබුදුවාලමින් මද අඳුර මැද නගරය පුරා සැරිසරන බේර වාදකයන් රාමදාන් කාලයේ දී කාශ්මීරයේ සුලභ දසුනකි.

සියවස් ගණනාවක් තිස්සේ අදටත් පවත්වාගෙන යන ‘රාමදාන් බෙර වාදනයේ’ අරමුණ වී ඇත්තේ ඉර උදාවට පෙර පිබිද කෑම අනුභව කරන ලෙස ප්‍රදේශයේ ජනතාවට මතක් කර දීමයි.

ඉස්ලාම් බැතිමතුන් රාමදාන් කාලයේ දී ඉර උදාවෙන් පසු අහාර අනුභව කිරීම හෝ ජලය පානය කිරීම නොකරති.

එබැවින් ඔවුන් අවදි කොට ආහාර අනුභව කරන ලෙස මතක් කිරීම සඳහා තාක්ෂණික පහසුකම් නොතිබුණු ඈත අතීතයේ ඒ සඳහා යොදාගෙන තිබුණේ බෙර වාදනයයි.

වර්තමානයේ යුද ගැටුම් ආදී සමාජ ගැටළු හේතුවෙන් විවිධ බාධාවන් පැවතුනද මෙම සම්ප්‍රදාය තාමත් නොනැසී පැවතීමට එවන් සමාජ ප්‍රශ්ණම හේතුවක් වී ඇති බවයි රාමදාන් බෙරවාදනයේ යෙදෙන්නන් පිළිබඳව බීබීසීයේ අරබු අහමඩ් සුල්තාන් ශ්‍රී නගර් සිට කළ වාර්තාවකින් හෙළිවන්නේ.

එම වාර්තාව සංදේශයට සකස් කළේ එස් එල් සෙනෙහෙධීර.