චිල්කොට් වාර්තාව
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ටෝනි බ්ලෙයාර්ට එරෙහිව ලෝකය පුරාම නඩු පැවරිය යුතුයි'

ඉරාක යුද්ධය පටන් ගැනීමට පෙරම ලක්ෂ සංඛ්‍යාත බ්‍රිතාන්‍ය ජනතාව ඊට එරෙහිව වීදි බැස යුද්ධයට නොයන මෙන් බල කළත් එවකට අගමැති ටෝනි බ්ලෙයාර් තම ජනතාවට සවන් නොදුන් බව ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

ඔහු මේ අදහස පළ කළේ ඉරාක යුද්ධය ගැන නිකුත් වූ චිල්කොට් පරීක්ෂණ වාර්තාව පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දක්වමිනි.

'චිල්කොට් වාර්තාව එන්න කලින්, යුද්දේ සිද්ධ වෙන්නත් කලින් මේ වාර්තාවේ තියෙන කරුණු බ්‍රිතාන්‍ය ජනතාව අතරින් ම පැන නැගුනා. මට මතකයි ඒ දවස්වල ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් පෙළපාලි ගියා. එවකට බ්‍රිතාන්‍යයේ විදේශ ඇමති රොබින් කුක් මේ කරුණු ම කියල ඉල්ලා අස්වුණා. රටේ ජනතාව හඬ නගා කිව්වා මේ යුද්දෙට යන්න එපා කියල. ඒත් ටෝනි බ්ලෙයාර් ඒ යුද්දෙට ගියා. ඒ යුද්දෙට ගිහින් රටක් විනාශ වුනා.' ඔහු පැවසීය.

අමුණා ඇති හඬ පටයට සවන් දෙන්න.

Image caption ආචාර්ය දයාන් ජයතිලක

ඉරාක යුද්ධයේ දී මරණයට පත් බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ගේ පවුල්වල සාමාජිකයන් හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ගයක් ගැනීමට සුදානම් වීම සම්බන්ධයෙන් අදහස් පළ කළ ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේ 'ටෝනි බ්ලෙයාර්ට එරෙහිව ලෝකය පුරාම නඩු පැවරිය යුතු' බවයි.

බ්‍රිතාන්‍යය වැනි යටත් විජිත පසුබිමක් ඇති රටවල් 'බොරුව' පදනම් කර ගෙන රටවල් විනාශ කිරීමේ යෙදුණු බවයි දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ.

එවැනි රටවල් ශ්‍රී ලංකාවට චෝදනා කරන විට ඒ බව සිතේ තබා ගෙන ඒවාට ප්‍රතිචාර දැක්විය යුතු බවයි ඔහු පවසන්නේ.