ඇමෙරිකාවේ බැටන් රූජ් වෙඩි තැබීම: මෙතෙක් හෙළි වූ කරුණු

Baton Rouge Police stand at a checkpoint at the entrance of Our Lady Of The Lake Medical Center, Sunday, 17 July 2016, in Baton Rouge, Image copyright AP

ඇමරිකාවේ බැටන් රූජ් නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනකු මරුමුවට පත් වී තවත් තිදෙනකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.

තුවක්කුකරුද වෙඩි ප්‍රහාරයට ලක් වී මරුමුවට පත් වී තිබෙන අතර ඔහු හිටපු ඇමරිකානු මරයින් හමුදා සෙබළෙකි.

අප්‍රිකානු ඇමරිකානුවන් සම්බන්ධයෙන් එරට පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබඳ දොස් පවරමින් ප්‍රහාරකයා ගැවින් ලෝන්ග් අන්තර්ජාලය තුළ වීඩියෝ පළ කර තිබේ.

සිය වර්ගයා වෙනුවෙන් කැප කිරීම් සිදු කරමින් පෙරලා සටන් කරන ලෙස ඔහු සිය වීඩියෝ හරහා කළු ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉන් එක් වීඩියෝවක් පටි ගත කොට ඇත්තේ මීට සති කීපයකට ඉහතදී පොලිස් නිලධාරීන් පස් දෙනකු ඝාතනය කෙරුණු ඩලස් නගරයේදී.

Image caption හිටපු ඇමරිකානු හමුදා සෙබළකු වන ගැවින් ලෝන්ග්

දැනට සති දෙකකට ඉහතදී පොලිස් වෙඩි පහරින් කළු ජාතිකයකු මරුමුවට පත් වීමත් සමග බැටන් රූජ් නගරයේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇති විය.

පවතින තත්වය ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා ඇමරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර