ජනාධිපතිට අපහාස කළ අයට එරෙහි නඩු සියල්ල ඉවතට

President Erdogan spoke from the presidential palace on Friday Image copyright Reuters
Image caption සිකුරාදා ජනාධිපති මන්දිරයේ සිට ජනතාව අමතමිනුයි ඔහු මේ බව කියා සිටියේ

තමන්ට අපහාස කළ පුද්ගලයන්ට එරෙහිව ගෙනතිබූ සියළු නීතිමය ක්‍රියාමාර්ග ඉවත්කරගන්නා බව තුර්කි ජනාධිපති රෙචිප් තයියිප් අර්දොවාන් පවසයි.

පසුගිය වසර දෙකක කාලය තුළ ජනාධිපතිවරයාට අපහාස කිරීමේ චෝදනාවට දෙදහසකට ආසන්න පිරිසකට එරෙහිව නීති මගින් ක්‍රියාකොට තිබුණි.

Image copyright EPA
Image caption පොලිස් විශේෂකාර්ය බලකා මුලස්ථානයේ දී ජනාධිපතිවරයා ආරක්ෂක නිලධාරීන් හමුවූ අවස්තාව

මේ අතර පසුගියදා සිදුවුණු අසාර්ථක යුද හමුදා කුමන්ත්‍රණයේ දී මියගිය දෙසීයකට වැඩි පිරිසක් සිහිකිරීම පිණිස පැවති උත්සවයක දී තුර්කි ජනාධිපතිවරයා නැවත වරක් චෝදනා කළේ ඇමරිකාවට සහ යුරෝපයේ පාලනයන්ටයි.

තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා කුමන්ත්‍රණකරුවන්ගේ ඉරණම ගැන කණගාටුවන කිසිවෙක් තුර්කියේ මිතුරන් නොවන බවයි ඔහු කියා සිටියේ.

Image copyright AFP
Image caption ඇමරිකානු ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් සහ ජෙනරාල් ජෝශප් වොටෙල්

මීට පෙර මෙම කලාපයේ සිටින ඉහලම පෙළේ ඇමරිකානු හමුදා නිලධාරියෙකු වන ජෙනරාල් ජෝශප් වොටෙල් පවසා තිබුණේ තමන් කුමන්ත්‍රණකරුවන්ගේ පාර්ශවය ගත් අයෙක් බවට තුර්කි ජනාධිපතිවරයා කරන ප්‍රකාශය අවාසනාවන්ත සහ සම්පුර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක් බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර