අඩි 25,000 ක් ඉහළ ගුවනේ සිට පැරෂුටයක් නැතිව බිමට

Luke Image copyright fox
Image caption පැයට සැතපුම් 120 ක වේගයෙන් මිනිත්තු දෙකක් පැවති 42 වියැති ලූක් ගේ එම පතිතවීම ෆොක්ස් රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනය කළේය

ඇමරිකානු ජාතික ලූක් අයිකින්ස් (Luke Aikins) අඩි 25,000 ක් ඉහළ අහසේ සිට පැරෂුටයක් නොමැතිව මහපොළවට පැන ආරක්ෂක දැලක් මතට පතිත වූ ප්‍රථම පුද්ගලයා බවට පත්විය.

මීට පෙර පැරෂුටය සහිතව ගුවනේ සිට බිමට පැනීම් 18,000 ක් පමණ සිදුකර ඇති ඔහු දකුණු කැලිෆෝනියාවේ සිමී නිම්නයේ දී පැරෂුටය රහිතව පොලවට ඉහළින් සවිකර තිබූ අඩි 100 X 100 වර්ගප්‍රමානයෙන් යුත් ආරක්ෂක දැලක් මතට පැන්නේය.

පැයට සැතපුම් 120 ක වේගයෙන් මිනිත්තු දෙකක් පැවති 42 වියැති ලූක් ගේ එම පතිතවීම ෆොක්ස් රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනය කළේය.

ප්‍රීති ඝෝෂා මැද ආරක්ෂක දැලෙන් පිටතට පැමිණි ඔහු තම බිරිඳ සහ දරුවා සිප ගනිමින් සතුට බෙදා ගත්තේය.

Image copyright Getty Images
Image caption ලූක් ආරක්ෂක දලට පතිත වූ ආකාරය

'මම හරියට ඍද්ධි බලයෙන් පාවුණා වගෙයි මට දැනුනේ, ඒක ඉබේම සිද්ධ වුණා, මගේ කටට වචන එන්නෙ නැහැ එක විස්තර කරන්න' යනුවෙන් ඔහු පැවසුවේ තම අත්දැකීම විස්තර කරමින්.

Image copyright AP
Image caption ලූක් වසර දෙකක කාලයක් ගුවනේ සිට පැනීම සඳහා පුහුණුවක් ලබා ඇත.

පැරෂුටයක් පැළඳගන්නා ලෙස ඔහුට නියෝගයක් ලැබුණු බැවින් මෙම පැනීම අවලංගු කිරීමට තීරණය කර සිටිය දී අවසාන මිනිත්තු කිහිපයේ දී සංවිධායකයන් විසින් ඒ සඳහා ඔහුට අවසර ලබා දුන් බවයි ඔහු පවසන්නේ.

පැරෂුටය පැළඳුවේ නම මෙම කාර්යය තවත් අනතුරුදායක වන බව ඔහු පැවසුවේ ඒ මගින් ශරීරයේ බර තවත් වැඩි වන බැවිණි.

ඇමරිකානු පැරෂුට් සංගමයේ පුහුණු කරුවෙකු ලෙස සේවය කරන ලූක් අයිකින්ස් ට වසර දෙකකට පෙර මේ අදහස යෝජනා කර ඇත්තේ ඔහුගේ මිතුරකු විසිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර